Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

මුල් පුවත

  • මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 12 වන යුද්ධ හමුදාවේ අධ්‍යක්ෂ ‍ජෙනරල් මූල්‍යල කළමණාකරන ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

    14th October 2023 16:30:00 Hours

    ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්බී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2023 ඔක්තෝම්බර් 12 වන දින, යුද්ධ හමුදා මූල්‍ය කළමණාකරණ ශාඛාවේ 12 වන අධ්‍යක්ෂ ජනරල් ලෙස සිය වගකීම් නිල වශයෙන් භාර ගන්නා ලදී.

  • අණදෙන නිලධාරි 1 ඉසේරෙ ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ යුද්ධ හමුදාධිපති තුමන් අතින් ප්‍රසංශාත්මක ලාංඡනයක් ලබා ගනී.

    10th October 2023 16:35:02 Hours

    නවතමයෙන් ඉදිකරන ලද සියලු පහසුකම් සහිත යුද්ධ හමුදා මූලස්ථාන සිව් මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය මෙන්ම ඉංජිනේරු සේවා බලකාය විසින් දීර්ඝ කාලයක් සිට අපේක්ෂාවෙන් සිටි ස්ථානයෙහි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව නවතමයෙන් ස්ථානගත කිරීමටත්, 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් දරන ලද සාර්ථකත්වයට පත් උත්සාහය අගය කිරීම වෙනුවෙන් සහ අණදෙන නිලධාරියෙකු වශයෙන් 1 ඉසේරෙ වෙත පැවරෙන ඉංජිනේරු සේවාවන් අඩුපාඩු/ අතපසුවීමකින් තොරව උසස් මූලස්ථාන හා රාජ්‍ය ආයතන සමග සම්බන්ධතාවයෙන් යුතුව මනා ලෙස සම්බන්ධීකරණය කර ගනිමින් ඉටු කිරීමේ හැකියාව ද මැනවින් පෙන්වීම මෙන්ම වෙසක් උත්සවය, රාජ්‍ය හා රාජ්‍ය නොවන අනෙකුත් උත්සව අවස්ථා මෙන්ම යුද්ධ හමුදා මූලස්ථානය/ ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පැවරෙන ලද රාජකාරීන් ඉතා සතුටුදායක අයුරින්ම නිම කිරීමේ ලා දක්වනු ලබන විශිෂ්ඨ හැකියාව සහ උනන්දුව හේතුවෙන් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත 74 වන යුද්ධ හමුදා දිනයේදී යුද්ධ හමුදාධිපති තුමන් විසින් ලුතිනන් කර්නල් පීඒඒඑස් පෙරේරා ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ප්‍රසංශාත්මක ලාංඡනයක් පලදවන ලදී.

  • ඉංජිනේරු සේවා බලකායේ ඉසෙ කුමාර ආර්ජීඩී වෙත යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් ප්‍රශංසාත්මක ලාංඡනයක් පලදවන ලදී.

    10th October 2023 16:10:22 Hours

    2023.04.18 වන දින පස්වරු බූස්ස දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ පවුම් 02 ක් පමණ වටිනා ගෙල බැදි රන් මාලයක් සොරකු විසින් කඩාගෙන රේල් පාර දිගේ ඉදිරියට දිව ගොස් ඇති අතර, අදාල කාන්තාව සහාය ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ ඉංජිනේරු සේවා බලකායේ සෙ/එස්108169 ඉසෙ කුමාර ආර්ජීඩී සෙබලා වහා ක්‍රියාත්මක වී ජීවිත අවධානම නොතකා සොරා පසු පස ලුහුබැද ගොස් සොරා ජීවග්‍රහයෙන් අල්ලාගෙන එම සොරා සහ මාලය අදාල ස්ථානයට පැමිණි රත්ගම පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාර දී ඇත.

  • ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි 74 වන යුද්ධ හමුදා දිනය සැමරීම

    10th October 2023 14:09:05 Hours

    සියළු නිලයින්ගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ධජය එසවීම, යුද්ධ හමුදා ගීතය ගායනා කිරීම හා 74 වන යුද්ධ හමුදා දිනය නිමත්තෙන් යුද්ධ හමුදාධිපති තුමන් විසින් නිකුත් කරන ලද සුභ පැතුම් පණිවුඩය කියවීම රෙමඉසේබ පරිශ්‍රයේදී සිදුකරන ලදී. පසුව යුද්ධ හමුදාධිපති තුමන් වෙනුවෙන් ලබාදෙනු ලබන සම්මාන පෙළපාලිය යුද්ධ හමුදා මුහුණු පොත හරහා සියළු නිල භෝජනාගාරයේදී සියළු නිලයන්ට නැරඹීමට සලස්වන ලදී.

  • ලෝක ළමා දිනයට සමගාමීව පැවති ඉසේබ ළමා දින වැඩසටහන

    09th October 2023 15:13:22 Hours

    2023.10.01 දිනට යෙදී තිබුණු ලෝක ළමා දිනයට සමගාමීව ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද ළමා දින වැඩසටහන, පාසල් වයසේ පසුවන ඉංජිනේරු සේවා බලකායට අයත් නිලධාරින් සහ සෙසුනිලයින්ගේ දූ දරුවන් 45 දෙනෙකුගේ සහභාගීත්වයෙන්, 2023.10.07 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • ඉසේබ බලකා සැරයන් මේජර් තනතුරු අත්හැරීම

    05th October 2023 16:35:02 Hours

    ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ බලකා සැරයන් මේජර් ලෙස රාජකාරි කල බනි 1 ඩබ්ලිව්ඩබ්ලිව්එම්අයිබී අබේරත්න බලලත් නිළධාරී 2023.10.05 දින එම තනතුර අත්හරින ලදී.

  • ලුතිතන් කර් නල් පී එල් කේ පී අල්විස් ඉසේබ නව නිලයට උසස් කරන ලදී.

    27th September 2023 15:58:57 Hours

    ගෘහනිර්මාණ ශිල්පී, ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතිය හි ලුතිතන් කර් නල් පී එල් කේ පී අල්විස් ඉසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරිණිය නව නිලයට උසස් වීම් ලද අතර, නව නිලයේ නිල ලාංඡන කර් නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.09.27 වන දින පළදවන ලදී

  • කර් නල් කේඑච් කොඩිතුවක්කු නව නිලයට උසස් කරන ලදී.

    27th September 2023 15:21:29 Hours

    ආරක්ෂක අමාත්‍යංශයෙ හි ප්‍රධාන නඩත්තු නිලධාරි කර්නල් කේඑච් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නිලධාරි නව නිලයට උසස් වීම් ලද අතර, නව නිලයේ නිල ලාංඡන, කර් නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023.09.27 වන දින පළදවන ලදී.

  • ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ වාර් ෂික හා සභා රැස්වීම 2023

    27th September 2023 13:41:31 Hours

    ඉසේබ සේවා වනිතා ශාඛාවේ වාර් ෂික සභා රැස්වීම 2023 සැප්තැම්බර් 26 වන දින ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි සුරංගි අමරපාල මැතිණියගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම වාර් ෂික මහා සභා රැස්වීම සදහා ඉසේබ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය.