Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

01st November 2023 15:59:49 Hours

ඉසේබ නිලධාරීන්ගේ දැනුම ඉහළ නැංවීම සඳහා දේශන මාලාවක් ආරම්භ කරන ලදී

ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරල් මූල්‍ය කළමනාකරණ සහ කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ලංකා අමරපාල ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ ඉංජිනේරු සේවා බලකායෙහි නිලධාරීන්ගේ ඉංජිනේරු සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තීය දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ බාහිර වෘත්තීය දේශකයින් විසින් දේශන මාලාවක් ආරම්භ කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සහකාර ලේකම් මේජර් කේඩීඑස් ලංකාතිලක පීඑස්සී ඉසේබ විසින් ‘වෘත්තිය හැඩගැන්වීම සහ ආචාර ධර්ම’ යන මැයෙන් පළමු දේශනය ඉසේබ නිලධාරි පුහුණු අංහයෙහි 2023.11.01 වන දින පවත්වන ලදී.

මේ සඳහා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ අතර, ඉංජිනේරු සේවා බලකායට අයත් ඒකක සහ ආයතන වෙත ‘Zoom’ හරහා මෙම දේශනයට සහභාගීවීමේ අවස්ථාව ද ලබා දෙන ලදී.

නව නිලධාරීන් බඳවා ගැනීමේ කොටසක් ලෙස හෝ දැනට සිටින නිලධාරීන් සඳහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් ලෙස දේශන මාලාව නිතිපතා පවත්වනු ලැබීමට කටයුතු කරන අතර, පුළුල් පරාසයක මාතෘකා යටතේ සහ අඛණ්ඩ ඉගෙනීමේ දිරිමත් කිරීම මගින්, ඉසේබ නිලධාරීන්ගේ වෘත්තීය දැනුම් සංවර්ධනයට සහ ඵලදායීතාවයට මෙවැනි දේශන මාලාවක් දායක වනු ඇත.