Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th November 2022 14:06:47 Hours

17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 8 වන ඒකක දින සංවත්සරය

17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 8 වන ඒකක දින සංවත්සරය 2022.11.11 වන දිනට යෙදී තිබුණු අතර, කදවුරු මුරය සහ සම්මාන පෙළපාලිය පැවැත්වීමෙන් අනතුරුව ඒ දිනය සනිටුහන් කිරිම වස් අණදෙන නිලධාරි මේජර් ඊඒඩිපි එදිරිසිංහ එල්එස්සි විසින් පැලයක් රෝපණය කරන ලදි.

මෙහිදී සියඑ නිලයින්ගේ සහභාගිත්වයෙන් විනෝද ජනක ක්‍රිඩා රැසක් පැවත්වු අතර, ඉන් අනතුරුව සියළු නිල දිවා භෝජන සංග්‍රහයක් සහ සංගීත ප්‍රසංගයක් ද පැවැත්විණි.

තවද මෙම අවස්ථාව සදහා ආසේමු(මධ්‍යම) බලප්‍රදේශයේ තුල පිහිටා ඇති සියළුම ආසේඉ ස්ථානයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් රැසක් සහභාගී විය.