Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

මුල් පුවත

  • ඉංජිනේරු සේවා බළකාය සිය 72 වැනි සංවත්සරය සමරයි

    12th January 2022 15:29:39 Hours

    ඉංජිනේරු සේවා බලකාය සිය 72 වන සංවත්සරය 2022 ජනවාරි 10 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ හා ඉංජිනේරු සේවා බලකා කර් නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑම්එස් ඉංජිනේරු සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

  • ඉංජිනේරු සේවා බලකා 13 වන කර්නල් සේනාවිධායක ලෙස ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාජකාරි ආරම්භ කරන ලදී

    13th September 2021 14:57:19 Hours

    ඉංජිනේරු සේවා බලකා 13 වන කර්නල් සේනාවිධායක ලෙස ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ බ්‍රිෙග්ඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.09.11 වන දිනට යෙදුණු සුභ මොහොතින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී නව ධූරයෙහි රාජකාරි ආරම්භ කරන ලදි

  • මේජර් ජෙනරල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක තනතුරෙන් විශුාම යාම

    13th September 2021 14:47:48 Hours

    යුද්ධ හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් සපුරා විශ්‍රාම යන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නීරෝධායන සෞඛ්‍ය නීති රීති යටතේ 2021.09.10 වන දින උත්සවයක් පැවැත්විණි.


  • නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

    11th September 2021 13:31:01 Hours

    දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ ඉකුත් බදාදා (8) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.


  • ඉංජිනේරු සේවා බලකායේ නව නිලධාරි නිවස්නය යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් 2021.09.02 දින විවෘත වූ වගයි.

    03rd September 2021 12:17:31 Hours

    ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දිගු කාලීන අවශ්‍යතාවයක් ව පැවති නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්න ගොඩනැගිල්ල, කර්නල් සේනාවිධායක ඉසේබ හා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස(මුලතිව්) මේජර් ජෙනරාල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්පිල් තුමන්ගේ සුරතින් 2021.09.02 වන දින නිරෝධායන නීති රීති වලට අනුව පැවති උත්සව අවස්ථාවකදී සෙත් පිරිත් මධ්‍යයේ සුභ මොහොතින් විවෘත කරන ලදී.

  • කර්නල් සේනාවිධායක විසින් ඉංජිනේරු සේවා බලකා සාමාජිකයන් වෙත නව අවුරුදු සුභ පැතුම් එක්කරයි.

    17th May 2021 09:53:52 Hours

    ඉංජිනේරු සේවා බලකා හා 1 ඉසේරෙ අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහය ආඥාපති ඉනපෙ (මුලතිව්) හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර් ගනේගොඩ පීඒස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2021 අප්‍රේල් 22 වන දින රෙමඉසේබ දේශ‌ණ ශාලාවේදී පැවැත්විණ. මෙහිදි මෙම බලකායේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් හට ත්‍යාග හා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් සිදුකරන ලද අතර ඔවුන්ගේ සේවයද කර්නල් සේනාවිධායක තුමාගේ ඇගයීමට ලක්විය. මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එස්එන් කිතුල්ගොඩ යූඑස්පි, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්එන්ජේ පෙරේරා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් මේ අවස්ථාවට සහභාගි විය.

  • දියතලාව ප්‍රදේශයේ නවතමයෙන් ඉදිකරන ලද පර්ල් එජ් නිවාඩු නිකේතනය ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක විසින් 2018.09.29 දින විවෘත කරන ලදී.

    02nd October 2018 15:35:50 Hours

    ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක ජෙනරාල් හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී විසින් දියතලාව ප්රේදේශයේ නවතමයෙන් ඉදිකරන ලද පර්ල් එජ් නිවාඩු නිකේතනය 2018.09.29 දින විවෘත කරන ලදී.

  • කර්නල් සේනාවිධායක තුමාගේ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු සංචාරය

    25th September 2018 14:55:06 Hours

    ඉංජිනේරු සේවා අධ්ය ක්ෂක ජෙනරාල් හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නායක එල්එස්සී ගේ 10 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු කඳවුරු සංචාරය 2018.09.18 වන දින සිදුකරන ලද අතර 10 ඉසේරෙ(සෙව්) අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේඑච් කොඩිතුවක්කු විසින් එතුමන් පිලිගන්නා ලදී.

  • 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සිය 68 වන ඒකක දිනය සමරයි.

    06th August 2018 15:21:55 Hours

    1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සිය 68 වන ඒකක දිනය උත්කර්ෂවත් අන්දමින් නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2018 අගෝස්තු මස 03 වන දින පැවැත්විනි. මෙහිදි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජීඩබ්ඒඑස්බී මුහන්දිරම්ගේ යුඑස්පී හට කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙලපාලියක් පිරිනමන ලදී.

  • 7 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 12 වන ඒකක දිනය සමරයි.

    20th July 2018 15:19:46 Hours

    7 (සෙව්) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සිය 12 වන ඒකක දිනය අතුරුගිරිය ඒකක මුලස්ථානයේදි 2018.07.17 දින සමරන ලදී. එම ඒකක අණදෙන නිලධාරි මේජර් එස්ඩීඑන් සූරියප්පෙරුම එල්එස්සීගේ ආරාධනයෙන් ඉංජිනේරු සේවා අධ්යවක්ෂ ජෙනරාල් හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේඒපීජේ රත්නානායක එල්එස්සී ප්රරධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර, එහිදි ප්රජධාන අමුත්තා වෙත කඳවුරු සම්මාන මුරයක් ලබාදෙන ලදි. ඒකක දින සැමරීම සනිටුහන් කිරීම සඳහා මේ අවස්ථාවේදි අඹ පැලයක් රෝපණය කිරීම කර්නල් සේනාවිධායක තුමා අතින් සිදුවිය. ඒකක දිනය සැමරීම සඳහා ක්රිරඩා තරග, විනෝදාත්මක ඉසව්, සියලු නිල භෝජන සංග්ර්හයක් හා සංගීත සංධ්යාසවක් වැනි අංග ගණනාවකින් යුක්ත වූ අතර , මේ අවස්ථාවට ජ්යෙනෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසුනිලයින් විශාල ප්ර මාණයක් සහභාගි වන ලදී.