Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

17th June 2022 14:51:00 Hours

‘Creators Military Items & Textile’ වෙලදසැල විවෘත කිරීම

පනාගොඩ යුද්ධ හමුදා ජනපදය ඉදිරිපිට පිහිටි ‘ක්‍රියේටර්ස්‘ සුභ සාධක වෙලදසැල් ගොඩනැගිල්ලෙහි බිම් මහලෙහි ‘Creators Military Items & Textile’ වෙලදසැල යුද්ධ හමුදා සෙබළුන්ගේ සහ මහජනතාවගේ ප්‍රයෝජනය සදහා 2022.06.10 වන දිනට යෙදුනු සුභ මොහොතින් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එද්රිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ආරාධනයෙන් සපැමිණි ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ හා ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සදහා ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ඉංජිනේරු සේවා කර්නල් එන්ඩබ්ලිව්පීඑස්එම් පෙරේරා, ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි සේනාවිධායක කර්නල් එම්එස්ඩී පෙරේරා යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන්, නිලධාරින්, නිලධාරිණියන් හා බලකා සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් සහභාගී විය.