Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

13th September 2021 14:47:48 Hours

මේජර් ජෙනරල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක තනතුරෙන් විශුාම යාම

යුද්ධ හමුදාවේ වසර 34 කට අධික සේවා කාලයක් සපුරා විශරාේ ම යන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (මුලතිව්) හා කර්නල් සේනාවිධායක ඉසේබ මේජර් ජෙනරල් ආර් ගනේගොඩ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී නීරෝධායන සෙෘඛ්‍ය නීති රීති යටතේ 2021.09.10 වන දින උත්සවයක් පැවැත්විණි.


රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි කර්නල් සේනාවිධායක තුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් පිළිගැනීමෙන් පසු එතුමන් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.


අනතුරුව කර්නල් සේනාවිධායක තුමන් ඉසේබ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර, පසුව එතුමන් වෙත අලංකාර සම්මාන මුරයක් පිරිනමන ලදී. නිලධාරි සමූහ ඡුායාරූපයකට පෙනී සිටි තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි සියළු නිල තේ පැන් සංග්‍ර හයකට සහභාගී වී ඉසේබ නව නිර්මාණ දැක්ම ප්‍රදර්ශනය නරඹා සෙසුනිල භෝජනාගාරයේදී සියළු නිලයින් ඇමතීමේ අවසන එතුමන්ගේ විශ්‍රාම ගැන්වීම සිහිගන්වනු වස් සියළු නිලයින් වෙනුවෙන් සමරු තිළිණයක් පිරිනමන ලදී.


පසුව බනි/සැර නිවස්නය වෙත පැමිණි කර්නල් සේනාවිධායක තුමන් බලලත් නිලධාරින් හා සැරයන්වරුන්ගේ සුහද හමුවකින් අනතුරුව නිලධාරි නිවස්නයේදී නිලධාරින් ඇමතීමෙන් පසු කර්නල් සේනාවිධායක තුමන් කඳවුරෙන් නික්ම යන ලදී.