Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

12th January 2022 15:29:39 Hours

ඉංජිනේරු සේවා බළකාය සිය 72 වැනි සංවත්සරය සමරයි

ඉංජිනේරු සේවා බලකාය සිය 72 වන සංවත්සරය 2022 ජනවාරි 10 වන දින පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් ලෙස සමරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ හා ඉංජිනේරු සේවා බලකා කර් නල් සේනාවිධායක බ්‍රිගේඩියර් කේඑම්එස් ඉංජිනේරු සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව අසලදී මධ්‍යස්ථාන සේනාවිධායක ඉසේබ බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

කර් නල් සේනාවිධායක විසින් ප්‍රදානය කරන ලද කදවුරු සම්මාන මුරයෙන් අනතුරුව ඔහු මියගිය රණවිරුවන් වෙනුවෙන් ඉංජිනේරු සේවා බලකායේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. ඉන් අනතුරුව,යුද්ධ හමුදා විධිවිධානවලට අනුකූලව, කර්නල් සේනාවිධායක වෙත සම්මාන පෙළපාලියක් ද පවත්වන ලදී.

නිලධාරීන් සමඟ සමූහ ඡායාරූප සඳහා පෙනී සිටීමෙන් අනතුරුව, කර් නල් සේනාවිධායක තුමන් විසින් බළකායේ 72 වන සංවත්සරය නිමිත්තෙන් නිලධාරී නිවස්නයේදී කේක් කැපීමෙන් පසු පැමිණ සිටි සියලුම නිලධාරීන් ඇමතීය. ප්‍රධාන ආරාධිත අමුත්තාගේ ප්‍රධානත්වයෙන් සියලුම නිල දිවා ආහාරයෙන් පසු බලකා දින වැඩසටහන නිමා විය.