Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

23rd December 2022 10:20:11 Hours

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කොනොනි සමාජයේ 40 වන සංවත්සරය සමරයි

1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරි සමාජය විසින් සංවිධානය කරන ලද 40 වන "කොනොනි සමාජ ශාලා සංවත්සරය" සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2022 දෙසැම්බර් 22 වන දින පනාගොඩ පිහිටි 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කොනොනි සමාජ ශාලාවේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉසේබ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර සහභාගි විය. තවද මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරින් ද සහභාගි වූ අතර කොනොනි සමාජ ශාලාවේ කමිටු සභාපති කෝප්‍රල් විජේසිංහ ඩීඒඒ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සියලුම අමුත්තන් පිළිගන්නා ලදී.