Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th January 2023 11:57:01 Hours

73 වන බලකා දිනයට සමගාමීව පැවති කතෝලික දේව මෙහෙය

ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරයට සමගාමීව බලකා සාමාජිකයින්ට හා ධජයන්ට සෙත් පැතීම පිණිස සංවිධානය කරනලද කතෝලික දේව මෙහෙය 2023.01.03 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. හෝමාගම මීසමේ ගරු ඇන්ටන් තිළිණ සමිත් සොයිසා පියතුමා සහ ෂෙහාන් මධුරංග බොතේජු දේවගැති සහෝදරයා විසින් දේව මෙහෙය, මෙහෙය වූ අතර, මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්එන්ජේ පෙරේරා,

ඉංජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි සේනාවිධායක කර්නල් එම්එස්ඩී පෙරේරා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන්, නිලධාරින්, නිලධාරිණියන් සහ බලකා සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගී විය.