Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th January 2023 14:31:01 Hours

ඉංජිනේරු සේවා බලකා 73 වන බලකා දින සංවත්සර සැමරුම් සංගීත සන්ධ්‍යාව

ඉංජිනේරු සේවා බලකා 73 වන සංවත්සරය නිමිත්තෙන් 2023 ජනවාරි මස 10 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සංගීත සංන්ධ්‍යාවක් පවත්වන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉසේබ කර්නල් සේනාවිධායක හා අධ්‍යක්ෂ ඉංජිනේරු සේවා බ්‍රිගේඩියර් කේඑම්එස් කුමාර සහ ඉසේබ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණි දීපිකා ප්‍රශාන්ති චන්ද්‍රසේන මැතිණිය සහභාගී විය.

මෙම වර්ණවත් සන්ධ්‍යාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරිණියන්, නිලධාරින්, නිලධාරිණියන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී විය.