Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

31st January 2023 15:32:15 Hours

බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සමුගැනීමේ උත්සවය

වසර 28 ක ආදර්ශමත් සහ විශිෂ්ඨ සේවයක් ඉටුකරමින් 2023 පෙබරවාරි 02 දින යුධ හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිත 1 බලකායේ බ්‍රිගේඩියර් (පාලන හා භකාස) ලෙස සේවය කල බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2023 ජනවාරි 31 දින සමුදීමේ උත්සවය පවත්වන ලදී.

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන පිවිසුමේ දී මධ්‍යස්න සේනාවිධායක බ්‍රිගේඩියර් ඊඒඩීකේ එදිරිසිංහ විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගත් අතර, බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලද අතර ඉන් අනතුරුව ඉසේබ රණවිරු ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත වර්ණවත් සම්මාන පෙළපාලියක් ද පැවැත්විණි. ඉන් අනතුරුව ඔහු නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

අනතුරුව සියලු නිලයන්ගේ තේ පැන් සංග්‍රහයට සහභාගි වූ තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සිය අදහස් බෙදා ගත්තේය. බ්‍රිගේඩියර් එස්එන් කිතුල්ගොඩ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පෙළ ගැසී සිටි නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් "ජය ශ්‍රී" කියමින් ඉංජිනේරු සේවා බළකායේ රෙජිමේන්තු මූලස්ථානයෙන් සමුදෙන ලදී.