?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

මුල් පුවත

  • 2023 නව වසර සියලු දෙනාටම සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා!

    01st January 2023 00:00:00 Hours

    යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, 2023 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සතුට සහ සෞභාග්‍යය සපිරි නව වසරක් වෙනුවෙන් සුබපැතුම් පිරිනමයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව වසරේ පණිවිඩය පහතින් දැක්වේ:

  • 233 පාබල බලසේනාවේ අලුතින් ඉදිකරන ලද "කලපු කැදැල්ල" (LAGOON NEST) නිවාඩු නිකේතනය විවෘත කරයි.

    27th December 2022 12:40:50 Hours

    2022 දෙසැම්බර් 22 වන දින ආරක්ෂක සේනා (නැගෙනහිර ) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් විසින් අලුතින් ඉදිකරන ලද කාමර හයකින් සමන්විත කලපු කැදැල්ල නිවාඩු නිකේතනය විවෘත කරන ලදී.

  • ශ්‍රී ලංකා යුධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානය - හෙනානිගල වෙතින් ආධුනක සෙනින් 207 ක් සාර්ථක පුහුණුවිමෙන් පසු විසිර යයි.

    21st December 2022 16:13:55 Hours

    ශ්‍රී ලංකා යුධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානය හෙනානිගල පාඨමාලා අංක 37 විසිරයාමේ පාළපාලිය උත්සවය 2022 12. 17 වන දින සිදු කරන ලදි. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි වු අතර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් හසිත වැලිකන්න ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් දොරටුව අභියසදී සම්මානමුර පෙළපාලියක් ද පිරිනමන ලදී.

  • 2022 වර්ෂයේ ආරක්ෂක සේනා (නැගෙනහිර) අවසාන මහා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය

    16th December 2022 11:17:28 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව ඉදිරි නඩත්තු පෙදෙස් (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්ථානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය මත නැගෙනහිර ආරක්‍ෂක සේනා අවසාන ක්‍රිඩා තරගාවලිය 2022 දෙසැම්බර් 14 වන දින මින්නේරිය “ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු පුහුණු පාසලේ” ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

  • යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ආරක්ෂක සේනා මුලස්ථානයේ පාලන පරීක්ෂණයක් පවත්වන ලදී.

    14th December 2022 20:59:05 Hours

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේඡර් ඡෙනරාල් චන්න වීරසුරිය ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2022 දෙසැම්බර් මස 12 වන දින පාලන පරීක්ෂණයේ අවසන් දිනය සදහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ඨානය වෙත පැමිණි අතර ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති මේඡර් ඡෙනරාල් සුඡීව හෙට්ටිආරච්චි ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර 15 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල රෙඡෙමේන්තුවේ භඨ පිරිස් විසින් පිවිසුම් දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

  • 2022 වර්ෂයේ (නැගෙනහිර) පාපන්දු මහා තරගාවලිය 22 පාබල සේනාංකය විසින් සංවිධානය කරයි

    13th December 2022 12:49:03 Hours

    2022 ආරක්‍ෂක සේනා (නැගෙනහිර) අන්තර් කොට්ඨාශ පාපන්දු අවසන් මහා තරගය 2022 දෙසැම්බර් 10 වන දින පැවැත් වු අතර ඒ සදහා 22 වන පාබල සේනාංකය හා 23 වන පාබල සේනාංකය වශයෙන් කණ්ඩායම් 2 ක් තරග වැදුනු අතර 23 වන පාබල සේනාංකය ගොල් 1 - 0 වශයෙන් පරාජය කරමින් 22 වන පාබල සේනාංකය ජයග්‍රහනය කරන ලදි. තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ අතර කණ්ඩායම් දෙකම ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කළ නමුත් ඉන් නොනැවතී 22 වැනි සේනාංකයේ ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ගේ සියලු ගෝල අවස්ථා ව්‍යර්ථ කරමින් ජයක්ග්‍රහනය කරන ලදි.

  • ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 12 වන ගැමුණු හේවා බලඇණි‌‌යේ සංචාරයක නිරත විය.

    02nd December 2022 12:44:59 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2022.11.22 වන දින 12 වන ගැමුණු හේවා බලඇණිය වෙත පළමුවරට සංචාරයක නිරත විය. 12 වන ගැමුණු හේවා බලඇණි මූලස්ථානය වෙත පැමිණි ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග හා 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ලසන්ත රණසිංහ ජ්‍යෙෂ්ඨ නිළදධාරින් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව

  • නැගෙනහිර භට පිරිස් වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

    23rd November 2022 10:49:20 Hours

    ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ මාර්ගෝපදේශ හා අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) භට පිරිස් සහ 7 වන බලඇණිය ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් වියළි සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2022.11.19 වන දින සංවිධානය කරන ලදී.

  • ආරක්ෂක සේනා (නැගෙනහිර) නව ආඥාපති පළමු වරට 24 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කරයි

    23rd November 2022 10:31:18 Hours

    ආරක්‍ෂක සේනා (නැඟෙනහිර) ආඥාපති ලෙස වැඩ භාරගත් මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2022 නොවැම්බර් 17 සහ 18 යන දිනයන්හිදී අම්පාර මල්වත්ත හි පිහිටි 24 පාබල සේනාංක මූලස්ථානය වෙත පළමු වරට සංචාරයක නිරත විය.

  • ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති පළමු වරට 23 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරය කරයි.

    19th November 2022 22:19:25 Hours

    ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) නව ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙටිආරච්චි 2022.11.16 දින 23 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී .