Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th December 2022 11:17:28 Hours

2022 වර්ෂයේ ආරක්ෂක සේනා (නැගෙනහිර) අවසාන මහා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව ඉදිරි නඩත්තු පෙදෙස් (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්ථානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය මත නැගෙනහිර ආරක්‍ෂක සේනා අවසාන ක්‍රිඩා තරගාවලිය 2022 දෙසැම්බර් 14 වන දින මින්නේරිය “ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු පුහුණු පාසලේ” ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී.

ඒ අනුව අවසනා තරගය 22 වන පාබල සේනාංකය හා 23 වන පාබල සේනංකය අතර පැවැති තියුණූ තරගයකින් පසු 22 වන පාබල සේනාංකය අනු ශුරයන් බවට පත්කරමින් 23 වන පාබල සේනාංකය ජයග්‍රහනය කරන ලදි.

තවද මෙම උත්සව අවස්ථාව වර්ණවත් කිරිම සදහා 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සංස්කෘතික නර්තන කණ්ඩායම වෙස් නැටුමක් හා ශ්‍රී ලංකා රයිෆල් බළකායේ බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් සංදර්ශනයක්ද පවත්වන ලදි.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ශිවන්ත කුලතුංග, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහභාගි වු අතර ඔහුන් විසින් ක්‍රිඩකයින් සදහා කුසලාන හා සහතික පත්ත්‍ර ප්‍රධානය කරන ලදි.

තවද මෙම උත්සව අවස්ථාව සදහා බළසේනාධිපති වරුන්, ඒකක අණදෙන නිළධාරි වරුන්, නිළධාරින් හා සෙසු නිලයින් සහභාගි වන ලදි.