Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th December 2022 12:40:50 Hours

233 පාබල බලසේනාවේ අලුතින් ඉදිකරන ලද "කලපු කැදැල්ල" (LAGOON NEST) නිවාඩු නිකේතනය විවෘත කරයි.

2022 දෙසැම්බර් 22 වන දින ආරක්ෂක සේනා (නැගෙනහිර ) ආඥාපති, මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් සහ 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් විසින් අලුතින් ඉදිකරන ලද කාමර හයකින් සමන්විත කලපු කැදැල්ල නිවාඩු නිකේතනය විවෘත කරන ලදී.

233 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන්ගේ මූලිකත්වයෙන් සහ අධීක්‍ෂණය මත ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුකාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා දේශීය සම්පත් සහ යුද හමුදා අරමුදල් යොදා ගනිමින් මෙම “කලපු කැදැල්ල” නිවාඩු නිකේතනය ඉදිකරන ලදී.

ආරක්ෂක සේනා (නැගෙනහිර ) ආඥාපතිතුමන්, 231, 233 සහ 234 පාබල බලසේනාවන්හි බළසේනාධිපතිවරුන්, 9 ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව අණදෙන නිලධාරී, 24 විජයබාහු පාබල රෙජිමේන්තුව අණදෙන නිලධාරී, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා නිලධාරීන් මෙම අවස්ථාවට එක් විය.