Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd December 2022 12:44:59 Hours

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 12 වන ගැමුණු හේවා බලඇණි‌‌යේ සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2022.11.22 වන දින 12 වන ගැමුණු හේවා බලඇණිය වෙත පළමුවරට සංචාරයක නිරත විය.

12 වන ගැමුණු හේවා බලඇණි මූලස්ථානය වෙත පැමිණි ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග හා 12 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී මේජර් ලසන්ත රණසිංහ ජ්‍යෙෂ්ඨ නිළදධාරින් විසින් උණුසුම් ලෙස පිළිගත් අතර හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්‍ෂක සේනා ආඥාපති වෙත ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී. පසුව බළඇණියේ නිලධාරීන් හඳුන්වාදීමෙන් අනතුරුව, අණදෙන නිළධාරීතුමා විසින් බලඇණියේ ආරක්‍ෂාව සහ පාලන කටයුතු පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කළ අතර, කඳවුරේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සියලු නිලයන් සමඟ තේ පැන් සංග්‍රහයකටද ආඥාපතිවරයා සහභාගිවී විය.

මෙම අවස්තාව සදහා 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 23 පාබල සේනාංක කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.