Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th December 2022 12:49:03 Hours

2022 වර්ෂයේ (නැගෙනහිර) පාපන්දු මහා තරගාවලිය 22 පාබල සේනාංකය විසින් සංවිධානය කරයි

2022 ආරක්‍ෂක සේනා (නැගෙනහිර) අන්තර් කොට්ඨාශ පාපන්දු අවසන් මහා තරගය 2022 දෙසැම්බර් 10 වන දින පැවැත් වු අතර ඒ සදහා 22 වන පාබල සේනාංකය හා 23 වන පාබල සේනාංකය වශයෙන් කණ්ඩායම් 2 ක් තරග වැදුනු අතර 23 වන පාබල සේනාංකය ගොල් 1 - 0 වශයෙන් පරාජය කරමින් 22 වන පාබල සේනාංකය ජයග්‍රහනය කරන ලදි.

තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ලෙස ක්‍රීඩා කළ අතර කණ්ඩායම් දෙකම ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කළ නමුත් ඉන් නොනැවතී 22 වැනි සේනාංකයේ ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන්ගේ සියලු ගෝල අවස්ථා ව්‍යර්ථ කරමින් ජයක්ග්‍රහනය කරන ලදි. ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර), 22, 23, 24 පාබල සේනාංක සහ ඉදිරි නඩත්තු ප්‍රදේශය (නැගෙනහිර) නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම්වල සහභාගිත්වයෙන් මෙම තරඟාවලිය පවත්වන ලදී. තරඟ ඉසව් මාලාවක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තෝරාගත් දක්ෂතම ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දෙමින් මෙම තරයග පවත්වැත් වු අතර, ජයග්‍රාහී 22 පාබල සේනාංක කණ්ඩායම නියොජනය කරමින් 2 (සෙව්) ගරේ, 222 පාබල බලසේනාව නියොජනය කරමින් 24 විපාරේ සහ 223 පාබල බලසේනාව නියොජන කරමින් 6 ශ්‍රිලසසබ යන ඒකකයන්හි ක්‍රීඩකයන්ගෙන් සමන්විත විය.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ආර් කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියු පිඑස්සි, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් එම් ඩබ්ලිව් ටී සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් බී වෙලගෙදර ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, කර්නල් ආර්එම්එස්පී රත්නායක යූඑස්පී පීඑස්සී අයිජි යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහභාගි වු අතර ඔහුන් විසින් ක්‍රිඩකයින් සදහා කුසලාන හා සහතික පත්ත්‍ර ප්‍රධානය කරන ලදි.

තවද මෙම උත්සව අවස්ථාව වර්ණවත් කිරිම සදහා යුධ හමුදා අංගම්පොර ක්‍රීඩා සංදර්ශනයක්, ටයිකොන්ඩෝ ඉසව්වක් සහ ගජබා රෙජිමේන්තුවේ බටහිර තූර්ය වාදක සංදර්ශනයක්, පවත්වන ලදි.