Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st December 2022 16:13:55 Hours

ශ්‍රී ලංකා යුධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානය - හෙනානිගල වෙතින් ආධුනක සෙනින් 207 ක් සාර්ථක පුහුණුවිමෙන් පසු විසිර යයි.

ශ්‍රී ලංකා යුධ හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානය හෙනානිගල පාඨමාලා අංක 37 විසිරයාමේ පාළපාලිය උත්සවය 2022 12. 17 වන දින සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි වු අතර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ලුතිනන් කර්නල් හසිත වැලිකන්න ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, පුහුණු මධ්‍යස්ථානයේ භට පිරිස් විසින් දොරටුව අභියසදී සම්මානමුර පෙළපාලියක් ද පිරිනමන ලදී.

2022 ජූනි 06 සිට 2022 දෙසැම්බර් 17 දක්වා මාස 6ක මූලික පුහුණුව පාඨමාලා අංක - 37 හි ශ්‍රී ලංකා පාබල හමුදාව, ගජබා රෙජිමේන්තුව සහ විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්තව ආධුනික සෙබලුන් 207 දෙනා විසින් සරඹ ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරිමෙන් පසුව ඉතා වර්ණවත්ව අවසන් විය.

මෙහිදී පාඨමාලාව පුරාවටම දක්ෂතාවයන් දැක්වු පහත සඳහන් නිලධාරීන්, සෙසු නිළයින් සහ ආධුනික සෙනින් සදහා කුසලාන හා පදක්කම් පරිනමන ලදි.

හොඳම කණ්ඩභාර නිළධාරි - 2/ලුතිනන් බීඑම්සීඩී ජයසුන්දර ශ්‍රීලංජාආබමු, හොඳම කණ්ඩභාර සැරයන් - පුෂ්පකුමාර එච්ඩීඅයි, හොඳම පෙළ අණදෙන්නා - කෝප්‍රල් ජයකොඩි ජේඩීඑස්, හොඳම ශාරීරික පුහුණු උපදේශක - එම්පීඒඑම්එස්, හොඳම ශරිරික යෝග්‍ය ආධුනික සෙබලා - සෙබල කුමාර වයිඑම්එස්පි සහ සැම අතින්ම හොඳම ආධුනික සෙබලා - සෙබල නිශාන් එම්පිඑල් වශයෙන් කුසලාන හා සහතිකපත් ලබා ගන්නා ලදි.

තවද, මෙම මූලික පුහුණුව ප්‍රධාන උපදේශක, මේජර් ගයාන් හේරත් නීළධාරිගේ උපසෙද් පරිදි රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, සරඹ උපදේශකවරුන් සහ ශාරීරික පුහුණු උපදේශක ඇතුළු උපදේශකවරුන්ගේ මනා උපදේශකත්ව‌ෙයන් සරඹ, රණබිම් ක්‍රම, මූලික යුධ උපක්‍රම, ශාරීරික පුහුණුව, අවි පුහුණුව, සිතියම් කියවීම සහ ක්‍රීඩා යන අංශ යටතේ මුලික පුහුණුව ලබා ගන්නා ලදී.

මෙම උත්සවය බඳවා ගැනීමේ පුහුණු සම්බන්ධීකරණ නිලධාරි කර්නල් අරුණ මාලන්දෙණිය ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුඵව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ආධුනික සෙනින්ගේ දෙමාපියන්, ඥාතීන් සහ හිතවතුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.