Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th December 2022 20:59:05 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ආරක්ෂක සේනා මුලස්ථානයේ පාලන පරීක්ෂණයක් පවත්වන ලදී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේඡර් ඡෙනරාල් චන්න වීරසුරිය ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2022 දෙසැම්බර් මස 12 වන දින පාලන පරීක්ෂණයේ අවසන් දිනය සදහා නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ඨානය වෙත පැමිණි අතර ආරක්ෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපති මේඡර් ඡෙනරාල් සුඡීව හෙට්ටිආරච්චි ඡ්‍යෙෂ්ඨ නිළධාරි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර 15 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල රෙඡෙමේන්තුවේ භඨ පිරිස් විසින් පිවිසුම් දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

තවද, පාලන පරීක්ෂන කටයුතු ආරම්භ කිරීමට පෙර ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ නැගෙනහිර බළ ප්‍රදේශයට අයත් සියලුම මුලස්ථාන පාලන ගැටලු මගහරවා ගැනීමට එය ඉවහල් වන බැවින් වාර්ෂික පාලන පරීක්ෂනයක් පැවැත්වීමේ වැදගත්කම පිළිබද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් අවධාරණය කරන ලදි.තවද අධ්‍යක්ෂ මණ්ඩලවල සහ ශාඛාවලට අදාල අධ්‍යක්ෂකවරුන් හා මාණ්ඩලික නිළධාරි විසින් එවැනි ප්‍රශ්න ගැටලු නිරාකරණය කිරිම හා එම ගැටලු සමතයට පත්කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම හා ගැටලු සාකච්චා කරන ලදි.

මෙම අවස්ථාව සදහා ඉදිරි නඩත්තු ප්‍රදේශ නැගෙනහිර මුලස්ථානයේ ආඥාපති නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයට අයත්සියලුම සේනාංකයන්හි සේනාංකාධිපතින්,සටන් පුහුණු පාසල අම්පාර ආඥාපති,යුද්ධ හමුදා මුලස්ථාන අධ්‍යක්ෂක මංඩලවල අධ්‍යක්ෂක වරුන්, ඡ්‍යෙෂ්ඨ මණ්ඩලික නිළධාරින්,සියඑම බළසේනාධිපතින් හා ආරක්ෂක සේනා නැගෙනහිර මුලස්ථානයේ ඡ්‍යෙෂ්ඨ මණ්ඩලික නිළධාරින් හා කනිෂ්ඨ නිළධාරින් මෙම පාලන පරීක්ෂන අවස්ථාවට සහභාගි වන ලදී.

තවද, සාකච්චා අවසානයේදී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත සමරු තිලිනයක් පිරි නමා සුහද තාවය වර්ධනය කර ගත් අතර මාණ්ඩලික ප්‍රධානී විසින් අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තබා නැගෙනහිර ආරක්ෂක සේනාමුලස්ථානයෙන් සමුගන්නා ලදි.