07th October 2018 11:54:12 Hours
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාසල්රි ජලාශය වෙත බැහැර කරනු ලබන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරිම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්ක් ලේකම් කාර්යාලය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව 19 ශ්‍රීලංජාආබමු ඒකකය වෙතින් 2018 ඔක්තෝබර් මස 06 වන දින 0830 පැයේ සිට 1400 පැය දක්වා එම වැඩසටහන් සාර්ථක කර ගැනිමට ශ්‍රම දායකත්වය ලබා දෙන ලදි.
07th October 2018 11:26:58 Hours
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හෙතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බලන, කැටකුඹුර හා අමුණුපුර ප්‍රදේශයට 2018 ඔක්තෝබර් මස 05 වන දින ඇතිවු අධික සුළං තත්වයක් හේතුවෙන් නිවාස 50 කට අධික ප්‍රමාණයකට දැඩි අලාභහානි සිදුවන ලදි.
06th October 2018 11:51:22 Hours
මෙම ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්රදේශයහි සංචාරය කිරිම සදහා පකිස්ථාන ආරක්ෂක ලේඛම් තුමා ඇතුළු ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරින් පිරිසක් 2018 ඔක්තෝබර් මස 05 වන දින 11 සේනාංක බළප්‍රදේශයට පැමිණෙන ලදී.
05th October 2018 19:49:44 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි, යුඑස්පි, එන්ඩිසි, පිඑස්සී, අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් යටතේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, එහි එක් අංගයක් වශයෙන් 11 වන සේනංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටි ජේ නානයක්කාර ආර්ඩබිපි යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්විමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි 2018.10.04 සහ 05 යන දෙදින තුල ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී.
05th October 2018 07:50:28 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි, යුඑස්පි, එන්ඩිසි, පිඑස්සී, අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ උපදෙස් හා මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් මෙම ආසේමු වෙතින් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර, එහි එක් අංගයක් වශයෙන් ලේ දන්දිමේ පුන්‍ය කර්මයක් දියතලාව මුලික රෝහල සමග සම්බන්ධතාවයෙන් යුතුව 2018.10.04 වන දින උදැසන 0900 පැයේ සිට 1600 පැය දක්වා යුද්ධ හමුදා මුලික රෝහල (දිය) පරිශ්‍රයෙ සිදු කරන ලදි.
03rd October 2018 20:32:46 Hours
යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් හා මගපෙන්වීම සහ මෙම ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ යුද්ධ හමුදාවේ වර්ථමාන ගවේෂණයක් තුලින් අනාගත දිශානතිය සැලසුම් කිරිමේ දේශණයක් මෙම මුලය හා යටතේ පාලනය වන සේමු/ බසේමු/පුහුණු පාසල් හා ඒකකයන් යටතේ රාජකාරි නියුතු නි/සෙනින්ගේ සහභාගින්වයෙන් 2018 ඔක්තෝම්බර් මස 03 වන දින 0830 පැයේ සිට 1600 පැය දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ටෝච් සිනමා ශාලාවේදි පවත්වන ලදි.
02nd October 2018 22:20:26 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 121 බළසේනා මුලස්ථානය වෙතින් සංවිධානය කරන ලද හා කොළඹ කැපිටල් සිට් රොටරි සමාජයේ අනුග්‍රාහක දායකත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි දිලිදු පවුල් වල දරුවන් හට අපොස (සා/පෙළ) ප්‍රශ්නෝත්තර පොත් කට්ටල බෙදා දීමේ වැඩසටහනක් 2018.10.02 වන දින 1030 පැයේ සිට 1200 පැය දක්වා මො/මල්වත්තාවල මහ විද්‍යාලීය ශ්‍රවනාගාරයේදි පවත්වන ලදී.
02nd October 2018 21:53:46 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදා ධජයන්හට සෙත් පැතිමේ උත්සවය මහනුවර ශ්‍රි දළදා මාළිගාවේදි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන් යූ එම් එම් ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යුඑස්එ්යසිජිඑස්සි යන නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, සේනාවිධායක ශ්‍රිලංයුහසෙව්බමු, විධායක ජෙනරාල්, මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ජී ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරි හා 11 වන සේනංකාධිපති අතුළු ජ්‍යේෂ්ඨ නිළධාරි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.
27th September 2018 21:36:11 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) යටතේ පාලනය වන 11 සේනාංක බළප්‍රදේශයේ ස්ථාපිත මහනුවර ශ්‍රි දළදා මාළිගාව වැදපුදා ගැනිම සඳහා ඉන්දියානු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් 15 දෙනෙකු 2018 සැප්තැම්බර් මස 26 වන දින පැමිණෙන ලදි.
22nd September 2018 18:21:55 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) බලප්‍රදේශයේ කුඹල්වෙල වඩිනහෙලයාය ප්‍රදේශයේ 2018.09.21 වන දින 1730 පැයට පමණ හදිසි ගිනි ගැනීමක් ඇති වු අතර, එම ගිනිගැනීම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරාල් ජි ආර් එච් ඩයස් විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සී අයිජි යන ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත එම ගිනිගැනීම මැඩපැවැත්වීමට භටපිරිස් රපෝර්තු කරවිමට කටයුතු සිදුකරන ලදි.