Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2019 16:16:59 Hours

112 වන සේනාංකයේ කර්නල් ප්‍රමා සහ ප්‍රමානි 1 (සම්බන්ධීකරණ) නව තනතුරු භාරගැනිම

12 සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වශයෙන් නි/61536 කර්නල් එම් ඒ ආර් හැම්ඩෝන් ආර්එස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරි හා ප්‍රමානි 1 (සම්බන්ධීකරණ) නිලධාරි වශයෙන් නි/62609 ලුතිතන් කර්නල් වයි එස් පි සුමනසිංහ ආර්එස්පි යන ජ්‍යේෂ්ඨ නිලධාරින් දෙදෙනා 2019.02.18 දින සුභ මොහොතින් තම රාජකාරින් ආරම්භ කරන ලදි.

මෙම ජ්‍යේෂ්ඨ නිළධාරින් දෙදෙනා ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සමිභාරයක් ඇති ජ්‍යේෂ්ඨ නිලධාරින් වන අතර, තවද මෙම අවස්ථාව සදහා 12 සේමුහි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව තනතුරු භාරගත් ජ්‍යේෂ්ඨ නිලධාරින් දෙදෙනා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.