Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

17th February 2019 12:16:53 Hours

11 වන සේනාංකයේ 09 වන සංවත්සරය

ආරක්ෂක සේනා (මධ්‍යම) බළප්‍රෙද්ශයේ පිහිටා ඇති 11 වන සේනාංකයේ 09 වන සංවත්සරය 2019 පෙබරවාරි මස 15 වන දින වත්මන් සේනාංකාධිපති මේජර් ජෙනරල් ටි ජේ නානයක්කාර ආර්ඩබ්ලිව්පි යුඑස්පි එන්ඩියු යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කදවුරු භුමියේදි සිදු කරන ලදි.

ඒ අනුව 2019.02.14 වන දින සේනාංක ධජයන්ට සෙත් පතා ශ්‍රි දළදා වහන්සේ වෙත ගිලන්පස පූජාවන් සහ කිරි ආහාර පූජාවන් සිදු කරන ලදී. 1 වන ශ්‍රි ලංකා රයිෆල් බලකායේ නිලධාරි/සෙසුනිළයින් විසින් සම්මාන මුරයක් සහ පෙළපාලියක් පිරිනැමු අතර, ඉන් අනතුරුව සියළු නිළ දිවා භෝජණ සංග්‍රාහයක් පවත් වන ලදී.