Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th February 2019 21:16:58 Hours

S 5 සංකල්පය තුලින් රටේ ඵලදායිතාවය හා කාර්‍යක්ෂමතාවය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳ දේශනයක් පැවැත්වීම

යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ රාජකාරි නියුතු සාමාජික/සාමාජිකාවන් උදෙසා S 5 සංකල්පයට අනුව එදිනෙදා රාජකාරි හා රටේ ඵලදායිතාවය මෙන්ම කාර්‍යක්ෂමතාවය වර්ධනය කරගන්නේ කෙසේද යන්න පිලිබඳව අගනා දේශනයක් මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් පී ද සිල්වා යූඑස්පී එන්ඩීයූ අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මග පෙන්වීම මත 2019.02.06 සහ 07 යන දෙදෙන තුල ශ්‍රිලංයුහවීපි ටෝච් සිනමා ශාලාවේදී පවත්වන ලදී.

ඒ අනුව එම දේශනයේ ප්‍රධාන දේශක වශයෙන් ජාතික ඵලදායිතා සම්මේලණනයේ නියෝජිතයින් වශයෙන් ඵලදායිතා සම්මේලණය කොළඹ සහකාර අධ්‍යක්ෂක මාදුල විදානආරච්චි මහතා සුගත් දසනායක, තරිදු මාරසිංහ හා සුදත් අබේසිංහ යන කථිකාචාර්‍යය වරුන් සහභාගි වු අතර, ඵලදායිතාවය යන්නෙහි අර්ථකතනය පිළිබදව මනා අයුරින් පැහැදිලි කර දී එමගින් කාර්‍යක්ෂමතාවය, පිළිවෙල පිරිසිදුභාවය හා ප්‍රතිඵලදායිතාවය පිළිබඳව විස්තරාත්මකව පැහැදීලි කරදෙන ලදි. තවද, මෙම දේශනය සදහා මෙම මුලය හා යටතේ පාලනය වන ඒකක/පුපාහි රාජකාරි නියුතු ජ්යෙ ෂ්ඨ නිලධාරි/නිලධාරින් ඇතුළුව 20X170 ක භටපිරිස් ප්‍රමාණයක් සහභාගි වන ලදී.