Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th February 2019 16:35:08 Hours

යුද්ධ හමුදාව තුල ධාවන පැදි ක්‍රිඩාව ප්‍රචලිත කිරීම සහ ආධුනික ධාවකයින් පුහුණු කිරීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව තුළ මේ වන විට මෝටර් රථ හා ධාවන පැදි ක්‍රිඩාව ප්‍රචලිතව ඇත. 2017 වසරේ සහ 2018 වසරේ අන්තර් රෙජිමේන්තු/ආරක්ෂක සේවා තරග වලින් වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් යුද්ධ හමුදා සමාජිකයින් විසින් හිමිකර ගත් අතර, ජාතික ශූරතාවයන් දිනා ගනිමින් ජාත්‍යන්තර තරගාවලියන්ටද සහභාගි වෙමින් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට මහත් කීර්තියක් අත්කරදී ඇත.

ඒ අනුව නුදුරේදි පැවැත්වීමට නියමිත අන්තර් රෙජිමේන්තු තරගාවලියට සමගාමීව මෙම ක්‍රිඩාවට කැමැත්තක් දක්වන අයවලුන්ගේ හැකියාවන් පරික්ෂා කිරිම සඳහා වැඩමුලුවක් 2019.02.20 දින දියතලාව නරියාකන්ද ධාවන පථයේදී පවත්වන ලදී. මෙම වැඩමුලුව සඳහා මෙම ආසේමු යටතේ ඇති පූපා, ඒකක වෙතින් දක්ෂතාවය ඇති අයවලුන් සහභාගී වන ලදී.