Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th February 2019 15:17:25 Hours

ආසේමු(මධ්‍යම) නව බ්‍රිගේඩියර් ප්‍රමා තනතුර භාර ගැනීම

ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් රාජකාරි ඉටු කරනු ලැබු බ්‍රිගේඩියර් ආර්එම්පිජේ රත්නායක ආර්ඩබිපි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය රාජකාරි කාලසීමා අවසන්වී නික්මයාමෙන් පසු නව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් නි/61049 බ්‍රිගේඩියර් එස්එම්එස්පීබී සමරකෝන් ආර්ඩබිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019.02.25 වන දින 1045 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දිවයිනේ ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළුව උසස් මුලස්ථානයන් හි රජකාරි ඉටුකර දැනුමි සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, නව තනතුරේ වැඩ භාරගත් අවස්ථාව සඳහා මෙම මුල ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ රාජකාරි කරනු ලබන සියළුම නිලධාරින්/සෙසුනිලයින් සහභාගි වු අතර, එහිදි සියළු නිලයන් විසින් නව තනතුරේ වැඩ භාරගත් ජ්‍යෙෂ්ඨ නිලධාරි හට හදවතින් සුභ පතන ලදි.