Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th February 2019 19:35:43 Hours

12 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ නිළ උසස් කිරිම නිමිත්තෙන් සිදු කරන ලද වැඩසටහන් මාලාව

මෙම මුලය යටතේ පාලනය වන 12 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි ඉටුකරනු ලබන බ්‍රි ගේඩියර් ජි ඩබ්ලිව්පි කේ ජයතිලක යුඑස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මේජර් ජෙනරාල් නිළයට උසස් වීම නිමිත්තෙන් වැඩ සටහන් මාලාවක් 2019 පෙබරවාරි මස 08 වන දින සේනාංක පරිශ්‍රයේදි පවත්වන ලදී.

තවද, සේනාංකාධිපති තුමන් හට 9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර, එම අවස්ථාව සඳහා 12 වන සේනාංකයේ රාඡකාරී නියුතු සියළුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්/සෙසුනිලයින් සහභාගි වන ලදී. ඉන් අනතුරුව වැඩසටහන අවසානයේ සියළුම නිලයින් විසින් පිළියෙල කරණ ලද තේපැන් සංග්‍රහයක් සදහා සේනාංකාධිපති තුමන් සහභාගිවන ලදි.