Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th February 2019 17:10:08 Hours

ලේ දන්දිමේ කඳවුර පැවැත්වීම

ආරක්ෂක සේනා මධ්‍යම අයත් මහනුවර නගරයේ පිහිටි සියළුම පාසල්වල 2000 වර්ෂයේ අ.පො.ස (උ/පෙළ) විභාගයට පෙනී සිටි සිළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ව මහනුවර නගරය දියුණු කිරිම සහ මහජනතාවගේ සුභසිද්ධිය උදේසා සහයවීම අරමුණු කර ගනිමින් 2018 වර්ශයේ පිහිටුවන ලද KANDY SCHOOL MILLENNIUM (2000) සංඟමය විසින් මහනුවර මහාරෝහලේ ලේ බැංකුවේ පුර්ණ අධික්ෂණ සහය ඇතිව ලේ දන්දීමේ කඳවුරක් 2019 පෙබරවාරි මස 16 වන දින 0700 පැයේ සිට 1500 පැය දක්වා මහනුවර නගරසභා ශාලා පරිශ්‍රයේදි පවත්වන ලදී.

තවඳ, එම වැඩසටහන සඳහා 11 සේනාංක මුලස්ථානයේ යටතේ පාලන වන 111 බසේමු/ඒකකයන් වෙතින් 01 x 50 කට අධික භඨපිරිස් ප්‍රමාණයක් ඒ සඳහා සහභාගි වු අතර, යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රොගියෙකු වෙනුවෙන් කරන්නා වු මේවැනි සත්ක්‍රියාව ඇගයිමට ලක් කරමින් එහි පැමිණි සංවිධායක මණ්ඩලයේ නිලධාරින් විසින් ස්තුතිය පිරිනමන ලදි.