05th April 2022 12:15:21 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් චන්දන විජයසුන්දර විසින් 2022 මාර්තු 29 වන දින 1 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රයෙහි නිළ සංචාරය සිදු කරන ලදී.
22nd March 2022 11:50:18 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් 2022 මාර්තු 11 වන දින ඉංජිනේරු සේනාංක පරිශ්‍රයෙහි නිළ සංචාරය සිදු කරන ලදී.
22nd March 2022 10:56:58 Hours
2021 අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශූරතාවලිය රෙජිමේන්තු 08ක ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2022 පෙබරවාරි මස 22 හා 23 යන දෙදින තුළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඒ සදහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව‚ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය‚ ශ්‍රී ලංකා සංඥා බලකාය‚ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව‚ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව‚ ගැමුණු හේවා බලඇණිය‚ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව යන රෙජිමේන්තු වල ක්‍රීඩකයින් සහභාගි විය.
11th March 2022 22:20:32 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් එල් එච් එස් සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් පරිදි මාතර පරවි දූපත සහ ප්‍රධාන ගොඩබිම යාකරනු ලබන විකල්ප පාලම ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ප්රමුඛ දායකත්වයෙන් ඉදිකිරීම් සිදුකරනු ලබයි. මෙහි පැවති යකඩ පාලම 2022 මාර්තු මස 04 වන දින කඩා වැටීමකට ලක්වූ අතර දූපතෙහි පිහිටි විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන් හට විහාරස්ථානය වෙත ගමන් කිරීමට නොහැකි විය.
11th March 2022 22:18:22 Hours
612 පාබල බලසේනාවේ බලසේනාධිපතගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ “එක්ව ආහාර බැංකුවේ” මුල්‍ය අනුග්‍රහය ඇතිව මතුගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලීය ප්‍රදේශයට අයත් පවුල් වල ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 4,200.00/= ක් පමණ වටිනා සහල්, පරිප්පු, සීනි, කුළුබඩු සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුලත් වියළි සලාක මළු 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙබළුන් විසින් 2022 මාර්තු 10 දින බෙදාදෙන ලදි.
09th March 2022 17:53:06 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජී සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 මාර්තු මස 04 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඉටුකරනු ලබන ව්‍යාපෘතින්හි වත්මන් ප්‍රගතිය පිළිබදව අධීක්ෂණය කිරීමේ සංචාරයක් සිදුකරන ලදී
07th March 2022 12:19:07 Hours
පුහුණු අම අනුමැතිය මත කොනොනින් 34 දෙනෙකුගෙන් සමන්විත විෂයගත පාඨමාලාව 2022 ජනවාරි 18 වන දින මෙම ඒකකය තුල ආරම්භ කල අතර, ඒ සදහා 1, 5, 6, 8, 10 සහ 11 කාඉරෙ ශ්‍රිලංඉ ඒකක භඨ පිරිස් සහභාගි වන ලදි. ඒ අනුව, විෂයගත පාඨමාලාව සදහා සහභාගි වු කොනොනින් තම ජ්‍යෙෂ්ඨතාවය අනුව සහභාගි කරවා තිබු අතර, පාඨමාලා කාලය තුල මුලික යුධ උපක්‍රම, සිතියම් කියවිම, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි, ශාරිරික අභ්‍යාස, අවි පුහුණුව, ගිණුම්කරණය, සාමාන්‍ය දැනිම, සරඔ හා භඨ ලිලාව මෙන්ම නායකත්ව ගුණාංග සබැදි මනා දැනුමක් ලබාදිමට කටයුතු කරන ලදි.
06th March 2022 12:44:03 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙතින් ක්‍රියාත්මක “ජාතිය ගොඩනැගීමේ සංවර්ධන ව්‍යාපෘති” වැඩසටහනට පුළුල් ලෙස ව්‍යාප්තව රට තුල දැවැන්ත සංවර්ධන කාර්ය භාර්යයක් සිදු කරනු ලබයි.
28th February 2022 16:47:07 Hours
ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ සංකල්පයකට අනුව මෙම ඒකකයට අයත් ජ්‍යෙකොනොනින් 12 දෙනෙකු සහ 9 කාඉරෙ ශ්‍රිලංඉ ඒකකයට අයත් ජ්‍යෙකොනොනින් 03 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව 2022 පෙබරවාරි මස 24, 25 සහ 26 යන දිනයන් තුල ජ්‍යෙකොනොනි නායකත්ව වැඩමුළුවක් මෙම ඒකක අණදෙන නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය මත පවත්වන ලදි.
28th February 2022 16:32:28 Hours
612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍ර්ගේඩියර් එල්ජීබී කාරියවසම් ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි පෙබරවාරි මස 19 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ඒකක සංචාරය කරන ලද අතර අණදෙන නිලධාරි ඇතුළු සියලුම නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් විසින් බලසේනාධිපති අභිමානවත්ව සහ ගෞරවාන්විතව ඒකකය වෙත පිලිගන්නා ලදී.