Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

28th February 2022 16:32:28 Hours

612 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු සංචාරය

612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍ර්ගේඩියර් එල්ජීබී කාරියවසම් ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි පෙබරවාරි මස 19 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ඒකක සංචාරය කරන ලද අතර අණදෙන නිලධාරි ඇතුළු සියලුම නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් විසින් බලසේනාධිපති අභිමානවත්ව සහ ගෞරවාන්විතව ඒකකය වෙත පිලිගන්නා ලදී.

ඒකකය සහ ඒකක බල ප්‍රදේශය පිලිබඳව හදුන්වාදෙනු ලැබු දේශණය අණදෙන නිලධාරි සිදු කරන ලදී. අනතුරුව බලසේනාධිපති තුමන් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භඨ පිරිස් ඇමතීම සිදු කරන ලදී. යුධ හමුදා ජීවිතය හා සිවිල් ජීවිතය සමබරව පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දෙන ලද අතර තම රාජකාරිය විනයගරුකව නිසි අයුරින් ඉටු කිරිමේ වැදගත්කම භඨ පිරිස් හට බලසේනාධිපති පෙන්වා දෙන ලදී.

බලසේනාධිපති විසින් ඒකක සංචාරය සනිටුහන් කිරිම සඳහා කඳවුරු පරිශ්‍රය තුල අඹ පැලයක් රෝපණය කිරීම සිදු කරනු ලදී. බලසේනාධිපති ඒකක සංචාරයේ අවසාන අංගය ලෙස බලසේනාධිපති තුමන් 612 පාබල බලසේනා මූලස්ථානය සහ 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු මූලස්ථානය ස්ථාපිත කිරීමට යෝජිත දොඩම්ගොඩ, බෝම්බුවල ප්‍රදේශයේ සංචාරය කරන ලදී. සංචාරයට අදාල සියළු වැඩසටහන් කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්‍ෂිත නීති යටතේ අවම භටපිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.