නවතම ප්රවෘත්ති
03rd May 2023 14:14:40 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය විසින් එළබෙන වෙසක් උත්සවයට සමගාමිව තුසිත වැඩිහිටි නිවාසයෙහි සිටින මව්වරැන් සහ පියවරැන් සදහා අත්‍යවශ්‍ය වියළි ආහාර සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙහෙත් සහ ඇදුම් 2023 මැයි මස 02 දින බෙදාදෙන ලදි.
24th October 2022 18:24:40 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මත්තේගොඩ “තුසිත වැඩිහිටි නිවාසය” වෙත වියළි සලාක, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්රදානය කිරීම
09th October 2022 18:26:42 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතියගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩ මව්පිය සෙවන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර එහි දරුවන් හට දිවා ආහාරය ලබාදී ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලිපිද්‍රව්‍ය හා වියලි සලාක ලබාදීම 2022.10.06 වන දින 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සංවිධානයෙන් යුතුව එම ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදුකරන ලදී. මේ සඳහා රෙජමේන්තු කැලිප්සෝ සංගීත කණ්ඩායම සහාභාගී වු අතර, දරුවන් තම දක්ෂතාවයන්ද ඉදිරිපත් කිරීමට එය අවස්ථාවක් කරගන්නා ලදි.
07th October 2022 22:34:46 Hours
"ලෝක ළමා දිනය" සමරමින් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් 2022 සැප්තැම්බර් 30 වැනි දින හල්වල්කැලේ ප්‍රාථමික විද්‍යාලය මීගහතැන්න ඉගනුම ලබන ළමුන් 38 දෙනෙකු සඳහා දිවා ආහාරය පිරිනමන ලදී. එමෙන්ම 2022 ඔක්තෝබර් 01 වැනි දින දොන් බොස්කෝ ළමා නිවාසය මග්ගොනහි ළමුන් 45 දෙනෙකු සඳහාද දිවා ආහාරය පිරිනමන ලදී. හල්වල්කැලේ ප්‍රාථමික විද්‍යාලය අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකි. මෙම අවස්ථාවට සහභාගි වූ සෑම සිසුවෙකුටම වටිනා ත්‍යාග පාර්සල් ද පිරිනැමිණි.