03rd May 2023 14:14:40 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය විසින් එළබෙන වෙසක් උත්සවයට සමගාමිව තුසිත වැඩිහිටි නිවාසයෙහි සිටින මව්වරැන් සහ පියවරැන් සදහා අත්‍යවශ්‍ය වියළි ආහාර සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙහෙත් සහ ඇදුම් 2023 මැයි මස 02 දින බෙදාදෙන ලදි.
14th September 2022 10:09:36 Hours
11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ "දැනුම් සයුර" පුස්තකාල ගොඩනැගිල්ල අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් කේ කේ පී පුස්සේවල ආර්එස්පි නිළධාරී තුමාගේ ආරාධානව මත ඉංජිනේරු බළකා සේනාවිධායක, ආරක්ෂක සේනා මූලස්ථාන (යාපනය) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් ජි සී එස් බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් 2022 සැප්තැම්බර් මස 10 වන දින විවෘත කරන ලදී. මෙම ඒකකයේ අනෙකුත් නිළධාරින් සහ සෙසුනිලයින්ද සහභාගි වන ලදි.
07th September 2022 17:37:07 Hours
උසස්වීම් ලද ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරි මේජර් ජෙනරල් ශෙවාන්ත් කුලතුංග වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (07) දින පනාගොඩ ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
12th May 2022 21:16:46 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 20 වන කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අයිඑච්එම්එන්එන් හේරත් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 මැයි 02 වන දින 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවෙහි සිය නිල සංචාරය සිදු කරන ලදී.
02nd March 2022 08:25:59 Hours
ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක හා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඑච්එම්එන්එන් හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.02.26 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ඒකක සංචාරය සිදුකරන ලදී. ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන් හරසරයෙන් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සියළු නිළයන් විසින් පිලිගන්නා ලදී.
08th February 2022 23:32:45 Hours
ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක හා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික ව්ද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඑච්එම්එන්එන් හේරත් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.01.22 වන දින 15 වන ( ස්වේච්ජා) ඉංජිනේරු රෙජිමේන්තුව වෙත පැමිණෙන ලදි.
31st March 2021 11:42:47 Hours
වෙඩිද්‍රව්‍ය හදුනාගැනීමේ සුනඛයන් හැසිරවීමේ පාඨමාලා අංක 04 හි විසිරයාමේ පෙළපාලිය සහ පශුවෛද්‍ය රෝහල විවෘත කිරීමේ උත්සවය 2021 මාර්තු මස 30 වන දින ක්ෂේත්‍ර ඉංජිනේරු බළසේනා මූලස්ථානයේ සුනඛ අංශයේදී පැවැත්විය.
23rd February 2021 17:01:45 Hours
මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයට අයත් බෙරලපනාතර මහා විද්‍යාලය කොටපොල - ඌරු බොක්ක මාර්ගය දෙපස පිහිටා ඇති බැවින් සිසුන් පාර මාරුවීමේදි අනතුරු සිදුවිය හැකි අතර, පාසල් ළමුන්ට ආරක්ෂාව සැලසිම පිණිස පාසල ඉදිරිපිට ගුවන් පාලමක් ඉදිකර 2021.02.18 දින සිසු අයිතියට පමුණුවන ලදී.
08th February 2021 16:50:24 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ 13 වන සභාපතිතුමිය ලෙස රම්‍යා ශිරෝමි අමරසේකර 2021 පෙබරවාරි මස 08 දින මහා සංඝරත්නය විසින් සිදුකරන ලද ‘සෙත් පිරිත්’ සජ්ඣයනා මධ්‍යයේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
20th December 2020 18:24:16 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 18 වන කර්නල් සේනාවිධායක ලෙස පත්වීම් ලද ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ ව්‍යාපෘති කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ මේජර් ජෙනරල් කුමාර පීරිස් පසුගිය අඟහරුවාදා (15) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානය වෙත සපැමිණි අතර, එහිදී එතුමන් වෙත රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබිණි.