Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

12th May 2022 21:16:46 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක සහ ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරි තුමන්ගේ 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු සංචාරය

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 20 වන කර්නල් සේනාවිධායක සහ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අයිඑච්එම්එන්එන් හේරත් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 මැයි 02 වන දින 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවෙහි සිය නිල සංචාරය සිදු කරන ලදී.

අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්කේඑස්ටී කන්නන්ගර පීඑස්සී ශ්‍රීලංඉ විසින් සහ එම ඒකකයේ සියලුම නිලයන් විසින් කර්නල් සේනාවිධායකවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබීමත් සමඟ උත්සව ආරම්භ විය. එහිදි 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට අදාළ ක්‍රියාන්විත සහ පාලන කටයුතු සම්බන්ධයෙන් සම්මන්ත්‍රණ ශාලාවේදී අණදෙන නිලධාරී විසින් විස්තර ඉදිරිපත් කරන ලදී.

2020 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ශ්‍රී ලංකා යුධ හමුදා ඉදිරි ක්‍රමෝපාය දක්වා ඇති පරිදි ඒකකවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා 2021 වර්ෂයේදී එක් ඒකකයකට රුපියල් මිලියනයක් වෙන් කළ මුදලින් අලුතින් ඉදිකරන ලද දේශන ශාලාව කර්නල් සේනාවිධායක තුමන් විසින් විවෘත කරන ලද අතර සිය නිල සංචාරය සනිටුහන් කරමින් එම දේශන ශාලාව අසල පැළයක්ද රෝපණය කරන ලදී.

අවසාන වශයෙන්, කර්නල් සේනාවිධායක විසින් භට පිරිස් අමතා මානුෂීය මෙහෙයුමේදී ඉටු කරන ලද ඉංජිනේරු කාර්යයන් පිළිබඳව විස්තර කරන ලද අතර, සෙබළුන්ගේ සුභසාධනය සහ පුහුණුව පිලිබදව වඩා සැලකිල්ලක් යොමු කරන ලෙස එහිදි උපදෙස් දෙන ලදී. තවද ආසේමු (යා) බළප්‍රදේශයෙහි 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවෙහි අණදෙන නිලධාරී සහ භට පිරිස් විසින් කරන ලද කැපවීම් සම්බන්ධයෙන් ආසේමු (යා) ආඥාපති විසින් ලබා දුන් යහපත් නිර්දේශය පිළිබඳවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.