Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

02nd March 2022 08:25:59 Hours

12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක රෙජිමේන්තුව වෙත සාදරයෙන් පිළිගනියි.

ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක හා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඑච්එම්එන්එන් හේරත් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.02.26 වන දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ඒකක සංචාරය සිදුකරන ලදී. ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන් හරසරයෙන් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සියළු නිළයන් විසින් පිලිගන්නා ලදී.

කර්නල් සේනාවිධායක තුමන් වෙත කඳවුරු සම්මාන මුරය පිළිගන්වන ලද අතර, පසුව අණදෙන නිලධාරී ඒකකය හදුන්වා දුනි. අනතුරුව ඒකක භඨ පිරිස් ඇමතූ කර්නල් සේනාවිධායක තුමන් ඉංජිනේරු මූලධර්මයන් හට අනුගත වීම මනා සූදානම, පුහුණුව හා වෘත්තීය අධ්‍යාපනය, විනයගරුක හමුදා ප්‍රගමනයක් පවත්වා ගැනීම සහ හමුදා ජීවිතය කළමනාකරණය කරගැනීම පිළිබඳව සිතා ක්‍රියා කිරීම සෑම නිලයකුගේම වගකීම බව පෙන්වාදෙන ලදී.

දිනයේ අවසාන අංගය ලෙසට කර්නල් සේනාවිධායක තුමන් කඳවුරු සංචාරය සිදුකරන ලදී. කොවිඩ් 19 සඳහා මාර්ගෝපදේශවලට අනුව නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සව මාලාව අලංකෘත ලෙස පිටිගල කඳවුරෙහි දී පවත්වන ලදී. < /p>