Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

23rd February 2021 17:01:45 Hours

මාතර බෙරලපනාතර මහා විද්‍යාලයේ ගුවන් පාලම සිසු අයිතියට පැවරීම

මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයට අයත් බෙරලපනාතර මහා විද්‍යාලය කොටපොල - ඌරු බොක්ක මාර්ගය දෙපස පිහිටා ඇති බැවින් සිසුන් පාර මාරුවීමේදි අනතුරු සිදුවිය හැකි අතර, පාසල් ළමුන්ට ආරක‍්ෂාව සැලසිම පිණිස පාසල ඉදිරිපිට ගුවන් පාලමක් ඉදිකර 2021.02.18 දින සිසු අයිතියට පමුණුවන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමා විසින් විෂයගත ඉදිකිරිමේ කාර්ය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලීය අධික්‍ෂණය යටතේ 4 (ස්වේචිජා) ඉංජිනේරු රෙජිමේන්තු ඒකකය වෙත පැවරුන අතර මීටර් 19 ක් දිගින් හා මීටර් 1.5 ක පළලින් යුතු පාලම මිලියන 21.74 කට ඇස්තමේන්තු කර තිබුනද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බළකාය විසින් රුපියල් මිලියන 16.29 ක මුදලකින් තත් කාර්යය සිදුකර නිම කරන ලදී.

එම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා මාතර දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටු සභාපති ගරු නිපුන රණවක මැතිතුමා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් මේජර් ජෙනරාල් ඒ එන් අමරසේකර යුඑස්පි එන්ඩියු, මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්‍ෂක බුද්ධික දියගම මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල අධ්‍යක්‍ෂ සැලසුම්, මාතර දිස්ත්‍රික් ලේකම් නියෝජනය කරමින් පස්ගොඩ ප්‍රාදේශිය ලේකම්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක හා බෙරලපනාතර මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු එම විද්‍යාලීය සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් නිරෝධායන නීතින්ට යටත්ව සිසු අයිතියට පත් කරන ලදී.