Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

08th February 2021 16:50:24 Hours

සේවා වනිතා ශාඛාවේ නව සභාපතිතුමිය සිය රාජකාරි කටයුතු අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ 13 වන සභාපතිතුමිය ලෙස ශිරෝමි අමරසේකර 2021 පෙබරවාරි මස 08 දින මහා සංඝරත්නය විසින් සිදුකරන ලද ‘සෙත් පිරිත්’ සජ්ඣයනා මධ්‍යයේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.

ඉන් අනතුරුව බළකායේ සෙබලුන්ගේ සුභසාධනය ඉහල නැංවීමෙහිලා උපදෙස් හා නව සැලසුම් පිලිබදව නව සභාපතිනිය, ශාඛාවේ සාමාජිකාවන් සමග සාකච්ඡා කරන ලදී.

මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මංගල මායාදුන්න, සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් හා රෙමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිළධාරීන් එම අවස්ථාව සඳහා සහභාගී විය.