Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

31st March 2021 11:42:47 Hours

වෙඩිද්‍රව්‍ය හදුනාගැනීමේ සුනඛයන් හැසිරවීමේ පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය සහ පශුවෛද්‍ය රෝහල විවෘත කිරීමේ අවස්ථාව

වෙඩිද්‍රව්‍ය හදුනාගැනීමේ සුනඛයන් හැසිරවීමේ පාඨමාලා අංක 04 හි විසිරයාමේ පෙළපාලිය සහ පශුවෛද්‍ය රෝහල විවෘත කිරීමේ උත්සවය 2021 මාර්තු මස 30 වන දින ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනා මූලස්ථානයේ සුනඛ අංශයේදී පැවැත්විය. මේ සඳහා ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩීපී ජයසිංහ ආර්එස්පී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු සහ ඉංජිනේරු බළකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒඑන් අමරසේකර යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය.

වෙඩිද්‍රව්‍ය හදුනාගැනීමේ සුනඛයන් හැසිරවීමේ පාඨමාලා අංක 04 යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ඉංජිනේරු සේනාංකාධිපති ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ සිදුකරන ලදී. මෙහිදී සුනඛයන් 24 දෙනෙකු සහ සුනඛ හසුරුවන්නන් 29 දෙනෙකු ඉතා සාර්ථකව තම පුහුණුව හදාරා, ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් තමාට හිමි පාඨමාලා ලාංඡන සහ සහතිකපත් ලබා අද දින විසිර යන ලදී. අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් විසිරයාමේ පෙළපාලියේ භඨ පිරිස් අමතා වෙඩිද්‍රව්‍ය හදුනාගැනීමේ සුනඛයන් ඉතා සාර්ථකව පුහුණු කිරීම සඳහා තම උපරිම දායකත්වය සහ කැපවීම් සිදුකළ පාඨමාලාවේ උපදේශකයන් සහ ශිෂ්‍යයන් ඇඟයීමට ලක් කළේය.

ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනා සංචාරයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සුනඛ අංශයේ දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යතාවයක්ව පැවැති නවතමයෙන් ඉදිකරන ලද පශුවෛද්‍ය රෝහල විවෘත කරන ලදී. මෙම පශුවෛද්‍ය රෝහල සුනඛ ශල්‍යාගාරයකින්, සුදානම් කිරීමේ කාමරයකින් සහ සුනඛ වාට්ටුවකින් සමන්විත වේ. තවද, මෙහි අල්ට්‍රා සව්න්ඩ් ස්කෑන් පහසුකම්, ඉලෙක්ට්‍රෝ කාර්ඩියෝ ග්‍රැපි පහසුකම් සහ ඩිජිටල් රේඩියෝ ග්‍රැපි රීඩින් පහසුකම් වලින් සමන්විත වේ. මෙම රෝහල ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන මුදල් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් අතර, ඉදිකිරීමේ කටයුතු ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනාවේ සහ 4 (ස්වේච්ඡා) ඉංජිනේරු රෙජිමේන්තුවට අයත් භඨ පිරිස් විසින් සිදුකරන ලදී. අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මෙම පශුවෛද්‍ය රෝහල විවෘත කිරීමේ අවශ්ථාව සනිටුහන් කිරීම සඳහා සුනඛ අංශයේ අඹ පැළයක් රෝපණය කරන ලදී.

ඉංජිනේරු සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්ජීසීඑස්බී විජේසුන්දර ආර්එස්පී යුඑස්පී එන්ඩීයු, යාන්ත්‍රික ඉංජිනේරු බළසේනාධිපති බ්‍රිගේඩියර් එම්කේ ජයවර්ධන ආර්එස්පී යුඑස්පී එන්ඩීයු, ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනාධිපති ඩීපී ජයසිංහ ආර්එස්පී, ඉංජිනේරු බළකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම් මායාදුන්න ආර්එස්පී යුඑස්පී, වැඩබලන පොදු කාර්යය ඉංජිනේරු බළසේනාධිපති ලුතිතන් කර්නල් එෆ් ජෝෂප් යුඑස්පී, ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනා කර්නල් ව්‍යාපෘති, 8, 9 සහ 10 කාරක ඉංජිනේරු රෙජිමේන්තු සහ 14 රනජීවිප්‍ර රෙජිමේන්තු අණදෙන නිලධාරීන්, ක්‍ෂේත්‍ර ඉංජිනේරු බළසේනාවේ සහ බළසේනාවට අයත් ඒකකයන් හී නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවශ්ථාව සඳහා සහභාගි වන ලදී.