Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

08th February 2022 23:32:45 Hours

ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ 15 වන ( ස්වේච්ජා) ඉංජිනේරු රෙජිමේන්තු සංචාරය

ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක හා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික ව්ද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අයිඑච්එම්එන්එන් හේරත් ආර්එස්පි යුඑස්පි පිඑස්සි ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.01.22 වන දින 15 වන ( ස්වේච්ජා) ඉංජිනේරු රෙජිමේන්තුව වෙත පැමිණෙන ලදි.

ඒ අනුව තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් පලමුව 1030 පැයට කදවුරු සම්මාන මුරය පිළිගත් අතර පසුව මෙම ඒකකයෙහි අභිනවයෙන් ඉදිකරන ලද දේශන ශාලාව හා උපකරණ ගබඩා සංකිර්ණය විවෘත කල බවත්,මෙම ඒකක සංචාරය සනිටුහන් කරමින් අඹ පැලයක් රෝපණය කල බවත් පසුව එ්කක අණදෙන නිලධාරි තුමන් විසින් ඒකකය පිළිබද හදුන්වා දුන් අතර ඒකකයේ සියළුම නිලධාරින් සමග සමුහ ජායාරූපයකට පෙනි සිටිමෙන් අනතුරුව මෙම ඒකක භඨ පිරිස් ඇමතු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කදවුරු සංචාරයේ යෙදෙන ලදි.

තවද ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කදවුරු සංචාරය නිම කර සියළුම නිලධාරින් සමග දිවා භෝජනයට සහභාගි වි කදවුරෙන් නික්ම යන ලදි.