Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

03rd May 2023 14:14:40 Hours

ශ්‍රි ලංකා ඉංජිනේරු බළකාය විසින් මත්තේගොඩ තුසිත වැඩිහිටි නිවාසය සදහා අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන් බෙදාදිම.

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය විසින් එළබෙන වෙසක් උත්සවයට සමගාමිව තුසිත වැඩිහිටි නිවාසයෙහි සිටින මව්වරුන් සහ පියවරුන් සදහා අත්‍යවශ්‍ය වියළි ආහාර සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙහෙත් සහ ඇදුම් 2023 මැයි මස 02 දින බෙදාදෙන ලදි. මෙම වැඩසටහන ශ්‍රි ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු තුමන් හා ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා කර්නල් සේනාවිධායක තුමන් වන මේජර් ජෙනරාල් එම්කේ ජයවර්ධන ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම යටතේ සහ ප්‍රසාද් ලොකුබාලසුරිය මහතාගේ පුර්ණ මුල්‍ය අනුග්‍රහය යටතේ සිදු කරන ලදි.

මෙහි දි එම වැඩිහිටි නිවාසයේ මව්වරුන් හා පියවරුන් 26 දෙනෙකු හට මෙම අත්‍යවශ්‍යය ද්‍රව්‍යයන් බෙදා දුන් අතර ඔවුන් හට තේ පැන් සංග්‍රහයක් සහ සංගිත සැදැවක් පැවැත්විමෙන් වැඩසටහන අවසන් කරන ලදි.