16th December 2020 19:01:07 Hours
35 වසරකට අධික සේවා කාලයක් සපුරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 17 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ගේ සේවය ඇගයීම සඳහා ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් 2020 දෙසැම්බර් මස 14 දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත ආරාධනා කරනු ලැබිණි.
05th December 2020 18:55:07 Hours
11th November 2020 11:22:15 Hours
14th April 2020 15:12:15 Hours
වර්ෂ 2020 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක විසින් නිකුත් කරනු ලබන සුභාශිංසන පණිවුඩය ශ්‍රී ලංකාවාසී සිංහල හා දමිළ ජනතාව විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සමරනු ලබන, සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ඉංජිනේරු බලකායේ සාමාජිකයන් වන ඔබ සැම වෙත මාගේ හෘදයාංගම සුභාශිංසනය මෙසේ පිරිනමමි.
26th May 2018 09:53:56 Hours
2018 වරAෂය සදහා ඉංජිනේරු බලකා අන්තර් ඒකක මලල ක්‍රිඩා තරගාවලිය 2018/05/09 වන දින ඉංජිනේරු බළසේනාධිපති නි/60681 බ්‍රිගේඩියර් එස්ඒඑම්ජේආර් සෙනෙවිරත්න ආරAඩබිලිව්පි යුඑස්පි පිඑස්සි ශ්‍රිලංඉ ජ්‍යේෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් යුතුව ආරම්භ කරන ලදි.
19th February 2018 11:58:01 Hours
ඉංජිනේරු බළකා සේවාවනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස, අජන්තා හෙටිආරච්චි මැතිණිය 2018 පෙබරවාරී මස 18 දින යෙදුන සුභ මොහොතින් තනතුරෙහි වැඩ භාරගන්නා ලදී. ඉන් අනතුරුව නව සභාපතිතුමිය සහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් සේවාවනිතා ශාඛාව යටතේ ක්‍රියාත්මක වන ආධාරක බළඝණ පුස්ථකාලය හා ගොවිපලෙහි සංචාරයක නිරත විය. මෙහිදී, බළකායේ සෙබලුන්ගේ සුභසාධනය ඉහල නැංවීමෙහිලා උපදෙස් හා නව සැලසුම් පිලිබදව නව සභාපතිනිය, ශාඛාවේ සාමාජිකාවන් සමග සාකච්ඡා කරන ලදී.
18th February 2018 08:24:52 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ 13 වන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ලෙස, බ්‍රිගේඩියර් එස්ටීබී දිසානායක ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් 2018 පෙබරවාරී මස 16 වන දිනට යෙදුනු සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ භාරගන්නා ලදී.
මාණ්ඩලික නිළධාරී 1(භකාස) ලුතිනන් කර්නල් මංගල බාලසූරිය නිළධාරී තුමන් විසින් නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගත් අතර, ඉන්පසු කදවුරැ සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන්අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තැන්පත් කර, මව්බිමේ අඛණ්ඩතාවය උදෙසා තම දිවිදුන් අභීත රණවිරුවන් සිහිපත් කරන ලදී. මහා සංඝරත්නයෙහි සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ, නව තනතුරෙහි වැඩ භාරගත් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්, ඉන්පසු නිළධාරීන් හා සෙසුනිළයින් හට අමතන ලදී.