Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

19th February 2018 11:58:01 Hours

නව සේවාවනිතා සභාපතිනිය තනතුරෙහි වැඩ භාරගනී

ඉංජිනේරු බළකා සේවාවනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස, අජන්තා හෙටිආරච්චි මැතිණිය 2018 පෙබරවාරී මස 18 දින යෙදුන සුභ මොහොතින් තනතුරෙහි වැඩ භාරගන්නා ලදී. ඉන් අනතුරුව නව සභාපතිතුමිය සහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් සේවාවනිතා ශාඛාව යටතේ ක්‍රියාත්මක වන ආධාරක බළඝණ පුස්ථකාලය හා ගොවිපලෙහි සංචාරයක නිරත විය. මෙහිදී, බළකායේ සෙබලුන්ගේ සුභසාධනය ඉහල නැංවීමෙහිලා උපදෙස් හා නව සැලසුම් පිලිබදව නව සභාපතිනිය, ශාඛාවේ සාමාජිකාවන් සමග සාකච්ඡා කරන ලදී.

ඉංජිනේරු බළකා කර්නල් සේනාවිධායක හා ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) මේජර් ජෙනරාල් දර්ශන හෙටිආරච්චි, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සරත් දිසානායක, සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් හා රෙමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිළධාරීන් එම අවස්ථාව සදහා සහභාගී විය.