Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

26th May 2018 09:53:56 Hours

ඉංජිනේරු බලකා අන්තර් ඒකක මලල ක්‍රිඩා තරගාවලිය - 2018 වර්ෂය

2018 වර්ෂය සදහා ඉංජිනේරු බලකා අන්තර් ඒකක මලල ක්‍රිඩා තරගාවලිය 2018/05/09 වන දින ඉංජිනේරු බළසේනාධිපති නි/60681 බ්‍රිගේඩියර් එස්ඒඑම්ජේආර් සෙනෙවිරත්න ආරAඩබිලිව්පි යුඑස්පි පිඑස්සි ශ්‍රිලංඉ ජ්‍යේෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් යුතුව ආරම්භ කරන ලදි.

උත්සවයේ කටයුතු නිළ වශයෙන් ආරම්භ කිරිම සදහා ප්‍රධාන ආරාධිතයා විසින් ධජය එසවිම සිදු කල අතර, ඒකක ධජ එසවීම ඒකක වෙතින් උත්සවය සදහා සහභාගි වු එක් එක් නිළධාරින් විසින් සිදු කරන ලදි.

මලල ක්‍රිඩා තරගාවලි වල අභිමානය සහ ඉතිහාසය සනිටුහන් කරමින් 2018 ඉංජිනේරු බළකා අන්තර් ඒකක මලල ක්‍රිඩා තරගාවලියේ ඔලිම්පික් පහන ඉංජිනේරු බළකා මලල ක්‍රිඩා සංචිතයේ දක්ෂතම ක්‍රිඩකයෙකු වන 6 කාඉරෙ ශ්‍රිලංඉ ඒකකය නියෝජනය කල සෙ/247202 ලා/කෝ සදරුවන් ඩිජිඩි සහ 15 (සෙවි) ශ්‍රිලංඉ ඒකකයට අයත් සෙ/බි101680 කෝප්‍රල් සමරසිංහ එම්ඩිසිකේ විසින් සිදු කරන ලදි.

දිනයේ පළමු තරගය වශයෙන් මීටර් 10000 දිවිමේ අවසන් තරගය පවත්වන ලදි. තරගය ආරම්භයේ සිටම තරගයේ උද්යෝගය දෙගුණ කරමින් පැවත්වු දිගු දුර දිවිමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය 6 කාඉරෙ ශ්‍රිලංඉ ඒකකය නියෝජනය කල සෙ/247202 ලා/කෝ සදරුවන් ඩිජිඩි විසින් හිමි කර ගන්නා ලදි.

තරගාවලියේ පිටියේ ඉසව් ආරම්භ කරමින් ඉන්පසු ආරම්භ වුයේ දුර පැනිමේ ඉසව්ව වන අතර, එහි තිරණාත්මක වට කිහිපයකින් අනතුරව 4 (සෙව්) ශ්‍රිලංඉ ඒකකය නියෝජනය කරමින් තරගයට එක් වු සෙ/4බි02671 ලා/කෝ ජිවන්ත එච්එච්ඒ විසින් හිමි කර ගන්නා ලද අතර, ඉංජිනේරු බළකා අන්තර් ඒකක මලල ක්‍රිඩා තරගාවලියේ ප්‍රථම කාන්තා නියෝජනය සිදු කරමින් සෙ/බි101689 ලා/කෝ සිතාරා එල්ඒජි ඉදිරිපත් විය.

මිලග තරග ඉසව්ව වශයෙන් පැවැත්වුයේ කවපෙත්ත විසි කිරිම තරගය වන අතර, එහි ප්‍රථම ස්ථානය 11 කාඉරෙ ශ්‍රිලංඉ ඒකකය නියෝජනය කල සෙ/248537 ඉසෙ සිල්වා විසින් සිජි විසින් හිමි කර ගන්නා ලදි.

ඉන්පසු 2018/05/09 වන දින සහ 10 වන දින ඉංජිනේරු බළකා අන්තර් ඒකක මලල ක්‍රිඩා තරගාවලියේ පැවති සියලුම ඉසව් සහ අවසන් මහා තරග වල ප්‍රථිපල පහත පරිදි දක්වාලිය හැක.

ත්‍යාග ප්‍රධානය සහ සමාප්ති උත්සවය සදහා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රිලංකා යුධ හමුදා කාන්තා බළකා බළකාධිපති යන ධුරයන් හොබවන නි/60111 මේජර් ජෙනරාල් ඩිඑස් වීරමන් පිඑස්සි යන ජ්‍යේෂ්ඨ නිළධාරි සහභාගි වු අතර,තරගාවලියේ අවසාන ඉසව් වශයෙන් මීටර් 100 අවසන් මහා තරගය, 400 x 4 දිවිමේ තරගය පවත්වන ලදි. සමස්ත තරගාවලයේ ශුරතාවය ලකුණු 120 ලබාගත් 14 රසායනික ජිව විද්‍යාත්මක සහ විකිරණශිලි සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තු මලල ක්‍රිඩා කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලද අතර, දෙවන හා තෙවන ස්ථානයන් පිලිවෙලින් 4 (සෙවි) ශ්‍රිලංඉ ඒකකය සහ 1 කාඉරෙ ශ්‍රිලංඉ ඒකකයන් විසින් හිමිකර ගන්නා ලදි. තරගාවලියේ මිටර් 400 ඉසව්ව තත්පර 50.2 තුලදි නිම කල 14 රසායනික ජිව විද්‍යාත්මක සහ විකිරණශිලි සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුවට අයත් සෙ/248612 ඉසෙ ජයතිලක එන්එම්බි විසින් තරගාවලියේ දක්ෂතම ජවන ක්‍රිඩකයාට හිමි සම්මානය හිමි කර ගත් අතර, උස පැනිමේ ඉසවිවෙන් 183cm දක්‍ෂතාවයක් දක්වන ලද 4 (සෙව්) ශ්‍රිලංඉ ඒකකයට අයත් සෙ/බි100675 ඉසෙ රත්නායක ආරAඑම්ටිඑස් රත්නායක යන ක්‍රිඩකයා දක්ෂතම පිටියේ ක්‍රිඩකයා ලෙස සම්මාන ලබා ගන්නා ලදි. එසේ ජයග්‍රහණයන් රැසක් සමගින් ඉංජිනේරු බළකාය තුලට නව දක්ෂ ක්‍රිඩකයන් බිහි කර 2018 අන්තර් ඒකක මලල ක්‍රිඩා තරගාවලිය අවසන් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විසින් සමාප්ති ප්‍රකාෂය ඉදිරිපත් කිරිමෙන් පසු නිමාවට පත් විය.