Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

18th February 2018 08:24:52 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් තනතුරෙහි වැඩ භාරගනී

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ 13 වන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ලෙස, බ්‍රිගේඩියර් එස්ටීබී දිසානායක ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් 2018 පෙබරවාරී මස 16 වන දිනට යෙදුනු සුභ මොහොතින් නව තනතුරෙහි වැඩ භාරගන්නා ලදී.

මාණ්ඩලික නිළධාරී 1(භකාස) ලුතිනන් කර්නල් මංගල බාලසූරිය නිළධාරී තුමන් විසින් නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඉතා උණුසුම් අයුරින් පිලිගත් අතර, ඉන්පසු කදවුරැ සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන්අනතුරුව, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තැන්පත් කර, මව්බිමේ අඛණ්ඩතාවය උදෙසා තම දිවිදුන් අභීත රණවිරුවන් සිහිපත් කරන ලදී. මහා සංඝරත්නයෙහි සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ, නව තනතුරෙහි වැඩ භාරගත් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්, ඉන්පසු නිළධාරීන් හා සෙසුනිළයින් හට අමතන ලදී.

ඉන්පසුව සියලු නිළ තේ පැන් සංග්‍රහය සදහා සම්බන්ධ වූ නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්, මාණ්ඩලික නිළධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු දිනයේ වැඩසටහන සමාප්ත විය.