Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

09th October 2022 18:26:42 Hours

“මව්පිය සෙවන” ළමා සංවර්ධන මධ්‍යස්ථානයට වියළි සලාක හා පාසල් උපකරණ ලබාදීම

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතියගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩ මව්පිය සෙවන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර එහි දරුවන් හට දිවා ආහාරය ලබාදී ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලිපිද්‍රව්‍ය හා වියලි සලාක ලබාදීම 2022.10.06 වන දින 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සංවිධානයෙන් යුතුව එම ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදුකරන ලදී. මේ සඳහා රෙජමේන්තු කැලිප්සෝ සංගීත කණ්ඩායම සහාභාගී වු අතර, දරුවන් තම දක්‍ෂතාවයන්ද ඉදිරිපත් කිරීමට එය අවස්ථාවක් කරගන්නා ලදි.

මෙම අවස්ථාව සදහා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිය සහ තවත් සාමාජිකාවන් කිහිප දෙනෙකු සහභාගී විය.

මෙම වැඩසටහන සදහා නුවන් සංජීව මහතා, ධනුක විජේසේකර මහතා හා කපිතන් ලිහිරු රත්නායක විසින් ද්‍රව්‍යමය අනුග්‍රහය ලබාදුන් අතර, මෙම වැඩසටහන 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවෙහි සෙබළුන් විසින් කෝවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලදි.