Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

02nd November 2022 00:00:00 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාබාව - පාසැල් උපකරණ බෙදාදීමේ වැඩසටහන

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි මයිලිඩ්ඩි තලෛමගල් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදයම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 24 දෙනෙකු සදහා පාසල් උපකරණ ප්‍රධානය කිරීමේ වැඩසටහනක් 2022 ඔක්තෝබර් මස 30 වන දින 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ දේශන ශාලාවේදී පවත්වන ලදි. මෙහිදී එම සිසු සිසුවියන් සදහා රුපියල් 1,250.00 ක වටිනාකමකින් යුත් බැංකු තැන්පතුවක් සමග ඉතිරි කිරීමේ ගිණුම් පොත් ප්‍රධානය කරනු ලැබූ අතර, එහිදී එම දූ දරුවන් හට තේ පැන් සංග්‍රහයක්ද ලබාදෙන ලදි

එම වැඩසටහන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාබාවේ ගරු සභාපතිනි, මල්ලිකා විජේසුන්දර මහත්මිය සහ සේවා වනිතා ශාබාවේ සාමාජිකාවක් වන රශ්මි කරලියද්ද මහත්මිය හා සකිලා කබ්රාල් මහත්මිය සහභාගි වූ අතර, එහිදී එම සිසු සිසුවියන් විසින් වැඩසටහන විචිත්‍රවත් කිරීම සදහා සංස්කෘත නර්ථනාංග හා ගායනයන් ඉදිරිපත් කරන ලදී

තවද, මෙම වැඩසටහන සදහා වෛද්‍ය දිනුෂාන් වන්නිආරච්චි, වෛද්‍ය හර්ෂ පිටුම්පේ, තිලෝෂණ එරංදික මහතා, ළහිරු ගමගේ මහතා, අසංක එදිරිසිංහ මහතා, කොළඹ ආනන්ද විද්‍යාලයේ 2002 කණ්ඩායමේ පසන් ලැනරෝල් මහතා, ප්‍රදේශිය පතල් ක්‍රියාකාරි කාර්යාලය - කිලිනොච්චිය, මහජන බැංකුව - චුන්නක්කම් ශාඛාව, නිම්ජය බෙදා හරින්නෝ, අනුප් ගුණරත්න මහතා විසින් අනුග්‍රය දැක්වු අතර, 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සියලුම නිලයන් විසින් වැඩසටහන සංවිධානය කරන ලදි