24th October 2022 18:24:40 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බළකා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද මත්තේගොඩ “තුසිත වැඩිහිටි නිවාසය” වෙත වියළි සලාක, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්රදානය කිරීම
09th October 2022 18:26:42 Hours
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතියගේ ප්‍රධානත්වයෙන් මත්තේගොඩ මව්පිය සෙවන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර එහි දරුවන් හට දිවා ආහාරය ලබාදී ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලිපිද්‍රව්‍ය හා වියලි සලාක ලබාදීම 2022.10.06 වන දින 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සංවිධානයෙන් යුතුව එම ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිදුකරන ලදී. මේ සඳහා රෙජමේන්තු කැලිප්සෝ සංගීත කණ්ඩායම සහාභාගී වු අතර, දරුවන් තම දක්ෂතාවයන්ද ඉදිරිපත් කිරීමට එය අවස්ථාවක් කරගන්නා ලදි.
07th October 2022 22:34:46 Hours
"ලෝක ළමා දිනය" සමරමින් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් 2022 සැප්තැම්බර් 30 වැනි දින හල්වල්කැලේ ප්‍රාථමික විද්‍යාලය මීගහතැන්න ඉගනුම ලබන ළමුන් 38 දෙනෙකු සඳහා දිවා ආහාරය පිරිනමන ලදී. එමෙන්ම 2022 ඔක්තෝබර් 01 වැනි දින දොන් බොස්කෝ ළමා නිවාසය මග්ගොනහි ළමුන් 45 දෙනෙකු සඳහාද දිවා ආහාරය පිරිනමන ලදී. හල්වල්කැලේ ප්‍රාථමික විද්‍යාලය අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකි. මෙම අවස්ථාවට සහභාගි වූ සෑම සිසුවෙකුටම වටිනා ත්‍යාග පාර්සල් ද පිරිනැමිණි.
04th October 2022 07:56:15 Hours
14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුව ශ්‍රීලංඉ විසින් 2022 සැප්තැම්බර් මස 30 දින බෙල්ලන්විල ළමා පුනරුත්ථාපන ආයතනයේ විශේෂ අවශ්‍යතා ඇති ළමුන් 30 දෙනෙකු සදහා සුභසාධන වැඩසටහනක් පවත්වා නිලධාරී සෙසුනිලයින් 02 X 24 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ළමා නිවාසය අවට පරිසරය පිරිසිදු කර විශේෂ අවශ්‍යතා ඇති ළමුන් සදහා සනීපාරක්ෂක උපකරණ හා අවැසි බෙහෙත් ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන ලදී.
30th September 2022 18:25:51 Hours
9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව නවතමයෙන් ඉදිකරන ලද “දැනුම් පියස” පුස්තකාලය ඒකකයේ යුධ හමුදා සෙබළුන්ගේ පොත් කියවීමේ පුරුද්ද වැඩි දියුණු කිරීමට මහත් පිටුවහලක් ලබා දේ.
29th September 2022 01:49:59 Hours
ජාතික වෙරළ සහ සමෘද්‍රීය සම්පත් සුරැකියේ සතිය” වශයෙන් 2022 සැප්තැම්බර් 17 වන දින සිට 2022 සැප්තැම්බර් මස 24 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇත.
08th August 2022 00:02:24 Hours
පිටිගල සහ පැලවත්ත ප්‍රදේශයන්හි තොරාගත් දිළිඳු පවුල් සඳහා වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහන 2022 ජූලි මස 30 වන සෙනසුරාදා දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි
06th August 2022 22:14:45 Hours
10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවෙහි 15 වන සංවත්සරය 2022.08.03 වන දිනට යෙදි තිබු අතර සංවත්සරයට සමගාමිව 2022.08.03 වන දින 0900 පැයට කදවුරු මුරය පැවැත්වු අතර 1030 පැයට අණදෙන නිලධාරි විසින් ඒකක භටපිරිස් අමතන ලදි. පසුව සංවත්සර සැමරුම වෙනුවෙන් කොස් පැල රෝපනය කිරිමටත් කටයුතු කල අතර එදින 1230 පැයට සියළු නිළ දිවා භෝජනසංග්රහයක් පවත්වන ලදි.
26th July 2022 22:54:15 Hours
23 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව ශ්‍රී ලංකා යුධහමුදා ඉංජිනේරු බලකාය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු වෙරළ වොලිබෝල් තරඟාවලිය 2022 ජුලි මස 23 සහ 24 යන දිනයන්හීදී පනාගොඩ 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තු බිච් වොලිබෝල් පිටියේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා රෙමශ්‍රීලපාහ, රෙමගැහේබ, රෙමගරෙ, රෙමවිපාරෙ, රෙමවිබ, රෙමශ්රීලජබාමු නියෝජනය කරමින් ක්‍රීඩකයින් 18 දෙනෙක් සහභාගී වූ අතර ඔවුන් පහත පරිදි ශුරතාවය ලබා ගන්නා ලදී .
04th July 2022 12:24:40 Hours
ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ සංකල්පකට අනුව ක්‍රියාත්මක කරනු ලබන නායකත්ව වැඩමුළුට සමගාමිව 2022.05.12, 13 සහ 14 යන දිනයන් තුල මෙම ඒකක කොනොනින් 29 දෙනකුගේ සහභාගිත්වයෙන් යුතුව මෙම ඒකකයෙහි පවත්වන ලදි.