Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

06th August 2022 22:14:45 Hours

10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ 15 වන ඒකක සංවත්සර සමරුම

10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවෙහි 15 වන සංවත්සරය 2022.08.03 වන දිනට යෙදි තිබු අතර සංවත්සරයට සමගාමිව 2022.08.03 වන දින 0900 පැයට කදවුරු මුරය පැවැත්වු අතර 1030 පැයට අණදෙන නිලධාරි විසින් ඒකක භටපිරිස් අමතන ලදි. පසුව සංවත්සර සැමරුම වෙනුවෙන් කොස් පැල රෝපනය කිරිමටත් කටයුතු කල අතර එදින 1230 පැයට සියළු නිළ දිවා භෝජනසංග්‍රහයක් පවත්වන ලදි.

එමෙන්ම ඒකක 15 වන සංවත්සරය වෙනුවෙන් 4 ශ්‍රිලයුවෛබ ඒකක අධික්‍ෂණය මත යාපනය රුදිර පාරවිලන ඒකකය සහ ශික්‍ෂණ රෝහල - යාපනය වෙතින් 2022.08.02 වන දින ලේ දංදිමේ වැඩසටහනක් ඒකකය තුල පැවැත්වු අතර ඒ සදහා නිලධාරින් 10 ක් සහ සෙසුනිලයන් 100 ක ප්‍රමාණය රුදිරය ලබාදිමට කටයුතු කරන ලදි. තවද යුද්ධ හමුදාව සහ දමිල ජනයා අතර සහජිවනය වර්ධණය කිරිමේ අරමුණින් යුතුව 2022.08.05 වන දින යාපනය කීරමලෙ ප්‍රදේශයේ පිහිටි ශිවභූමි වැඩිහිටි නිවාසය සදහා වියලි ආහාර සහ භාණ්ඩ පරිත්‍යාග කිරිමට කටයුතු කල කරන ලදි.

ඒ අනුව ඒකකයෙහි 15 වන සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලැබු සියළුම උත්සව කටයුතු ඒකක අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි ඉටු කරනු ලබන මේජර් එම්සිඑස් මල්ලවගේ එල්එස්සි ශ්‍රිලංඉ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය මත සිදුකරන ලදි.