Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

08th August 2022 00:02:24 Hours

12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙතින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන මළු බෙදාදිම

පිටිගල සහ පැලවත්ත ප්‍රදේශයන්හි තොරාගත් දිළිඳු පවුල් සඳහා වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහන 2022 ජූලි මස 30 වන සෙනසුරාදා දින 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ උපදෙස් පරිදි 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදි

මෙහිදි අඩු අදායම් ලාභි සහ ආර්ථික දුෂ්කරතා ඇති එක් පවුලක් සඳහා රු: 5,000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදිම සිදුකරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් එක්ව සිටි අතර, 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින්ද සහභාගි වන ලදි