Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

29th September 2022 01:49:59 Hours

12 වන කාරක ඉංජිනේරු භට පිරිස් වෙරළ පිරිසිදු කිරීම සඳහා සක්‍රීයව දායකවීම

“ජාතික වෙරළ සහ සමෘද්‍රීය සම්පත් සුරැකියේ සතිය” වශයෙන් 2022 සැප්තැම්බර් 17 වන දින සිට 2022 සැප්තැම්බර් මස 24 දින දක්වා ප්‍රකාශයට පත් කර ඇත. එබැවින් 2022 සැප්තැම්බර් මස 22 වන දින 612 බළසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ 12 වන කාරක ඉංජිනේරු ඉංජිනේරු රෙජිමේන්තුව විසින් කළුතර උතුර වෙරළබඩ තීරයේ ඉවත ලන දවටන, පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන්, හිස් මත්පැන් බෝතල් ආදියෙන් අපද්‍රව්‍ය අධික ලෙස දූෂිත ප්‍රධාන වෙරළබඩ ප්‍රදේශ ආවරණය කරමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී

612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බන්දුල කාරියවසම් ගේ මගපෙන්වීම යටතේ මහජනතාවගේ ආකල්පමය පිබිදීමක් ඇති කිරීම සහ වෙරළ පිරිසිදු කිරීමේ ප්‍රයත්නයන් සඳහා ප්‍රජාවගේ දායකත්වය ලබා දෙමින් වෙරළබඩ හා සමුද්‍ර සම්පත්වල වටිනාකම ඔවුන් හඳුනාගැනීමේ අරමුණින් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදී

කළුතර දිස්ත්‍රික්කයේ CCD නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් වැඩසටහන ආරම්භ කරන ලදී. 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් කළුතර දකුණ වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කිරීම සඳහා සහයෝගය ලබා දුන්හ