Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

26th July 2022 22:54:15 Hours

23 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකාය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු වෙරළ වොලිබෝල් තරඟාවලිය - 2022

23 වන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව ශ්‍රී ලංකා යුධහමුදා ඉංජිනේරු බලකාය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු වෙරළ වොලිබෝල් තරඟාවලිය 2022 ජුලි මස 23 සහ 24 යන දිනයන්හීදී පනාගොඩ 1 කාරක ඉංජිනේරු රෙජිමේන්තු බිච් වොලිබෝල් පිටියේදී පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා රෙමශ්‍රීලපාහ, රෙමගැහේබ, රෙමගරෙ, රෙමවිපාරෙ, රෙමවිබ, රෙමශ්‍රීලජබාමු නියෝජනය කරමින් ක්‍රීඩකයින් 18 දෙනෙක් සහභාගී වූ අතර ඔවුන් පහත පරිදි ශුරතාවය ලබා ගන්නා ලදී .

ශුරතාවය - ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

2 වන ස්ථානය - ශ්‍රී ලංකා විශේෂ බලකාය

3 වන ස්ථානය - ශ්‍රී ලංකා ආරක‍්ෂක බලමුලුව හිමි කරගන්නා ලදී.

හොඳම ක්‍රීඩකයා - සෙ/322896 මා/සැ ප්‍රියංකර ඒම්ඩබ්ලිව් (රෙමශ්‍රීලපාහ)

හොඳම පන්දු සකසන්නා - සෙ/319035 කෝප්‍රල් ගමගේ ජීසීඩී (රෙමශ්‍රීලපාහ)

හොඳම ප්‍රහාරකයා - සෙ/421943 සැරයන් සුජිත් බංඩාර එම්එම්පී (රෙමවිබ)

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීකේ මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඒසී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.