04th July 2022 12:23:30 Hours
ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක තුමන්ගේ සංකල්පකට අනුව ක්‍රියාත්මක කරනු ලබන නායකත්ව වැඩමුළුට සමගාමිව 2022.04.28, 29 සහ 30 යන දිනයන් තුල මෙම ඒකක ජ්‍යෙකොනොනින් සහ 9 කාඉරෙ ඒකකයට අයත් ජ්‍යෙකොනොනින් තිදෙනකුගේ සහභාගිත්වයෙන් යුතුව මෙම ඒකකයෙහි පවත්වන ලදි.
04th July 2022 12:04:25 Hours
ඉංජිනේරු සේනාංකයේ උපදෙස් මත ක්ෂේත්‍ර ඉබසේමු අධික්ෂණය යටතේ කාන්තා බලකායට අයත් නිලධාරිණියන් 01 සහ සෙබලියන් 26 ක් සදහා මුලික ක්ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලාවක් 2022.06.06 වන දින මෙම ඒකක මුලස්ථානයේදි ආරම්භ කරන ලදි.
16th June 2022 18:06:57 Hours
බ්‍රිගේඩියර් SBWMN සමරදිවාකර RSP USP යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් යාන්ත්‍රික ඉංජිනේරු බළසේනාවේ බළසේනාධිපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු 2022 ජුනි මස 13 වන දින සිය සමාරම්භක නිළ සංචාරය 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රීලංඉ හි දී සනිටුහන් කරන ලදි.
16th June 2022 17:10:43 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී සේනාංකාධිපති වශයෙන් ධූරයෙහි රාජකාරීන් ආරම්භ කිරීමෙන් අනතුරුව 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත සිදුකරන ලද තම ප්‍රථම නිල සංචාරය 2022 ජූනි මස 10 වන දින සිදුකරන ලදී.
03rd June 2022 13:29:56 Hours
ශ්‍රි ලංකා යුධ හමුදා සුළු අවි සංගමය විසින් සංවිධානය කරනු ලැබූ අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලිය 2022 මැයි මස 20 වන දින සිට 2022 මැයි මස 26 වන දින දක්වා දියතලාව ෆොක්සිල් හි ක්ෂේත්‍ර වෙඩි පිටියේදි පවත්වන ලදි. මෙම තරඟාවලිය සදහා රෙජිමේන්තු 22 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 36 ක් යටතේ වෙඩික්කරුවන් 256 සහභාගි විය. මෙම තරඟාවලිය විවෘත, ආධුනික සහ සේවා යන කණ්ඩ තුනක් යටතේ පවත්වන ලද අතර, ඉංජිනේරු බලකාය නියෝජනය කරමින් වෙඩික්කරුවන් 12 ක් විවෘත සහ ආධුනික කණ්ඩායම් වශයෙන් තරඟ වදින ලදි.
02nd June 2022 09:55:17 Hours
1. පවතින අධික වර්ෂාවත් 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු බලප්‍රදේශයට අයත් පැලවත්ත,වලල්ලාවිට සහ බදුරලිය යන ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවිය. 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සෙවුම් සහ මුදාගැනීමේ කණ්ඩායම් දැනට එම ප්‍රදේශයන් වෙත යොදවා ඇති අතර භට පිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් වැසියන්හට සහය වෙමින් ආරක්ෂිත නවාතැන් සඳහා ඔවුන්ගේ ගමනාගමනයට පහසුකම් සපයන ලදී.
02nd June 2022 09:36:42 Hours
11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රීලංඉ ඒකකයේ අභිමානවත් 14 වන සංවත්සරය 2022 මැයි මස 14,15 සහ 16 යන දිනයන්හි දී නොච්චියාගම පිහිටි ඒකක මුලස්ථාන පරිශ්‍රයේ දී ආගමික වතාවත් සහ චාරිත්රානුකුල ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරමින් උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. ඒකක 14 වන සංවත්සරයට අදාල සමස්ථ වැඩසටහන් මාලාව ඒකක අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් කේ කේ පී පුස්සේවල ආර්එස්පි ශ්‍රීලංඉ යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත සංවිධානය කර තිබුණි.
29th April 2022 08:29:08 Hours
ශ්‍රි ලංකා යුධ ඉංජිනේරු පාසල වෙතින් 2022.04.25 වන දින ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුගේ සංකල්පයක් මත බෝම්බ හා කෘතීම බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව හැදෑරු නිලධාරීන් හා සෙසුනිලයින් හට මෙම පාඨමාලාව ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාව සදහා නිලධාරීන් තිදෙනෙකු හා සෙසුනිලයින් 29 දෙනෙක් සහභාගී වු අතර, මෙම පාඨමාලාව 2022.04.25 වන දින සිට 2022.05.25 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
28th April 2022 06:54:35 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරුතුමා වන මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්ජීසීඑස්බී විජයසුන්දර ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ නිලධාරීතුමාගේ 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු කදවුරු සංචාරය 2022 අප්‍රේල් මස 16 වන දිනට යෙදී තිබුණි.
18th April 2022 17:32:30 Hours
2022 වර්ෂයේ ජාතික ආධුණික ජුඩෝ තරගාවලියට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය නියෝජනය කිරිමට යුධ හමුදා ජුඩෝ සංචිතයේ තරගකරුවන් 08 දෙනෙකු අතර තෝරා ගැනීමේ තරගයක් 2022 මාර්තු මස 08 දින පවත්වා එයින් ක්‍රීඩකයින් 03 දෙනෙකු තොරා ජාතික ආධුණික ජුඩෝ තරගාවලියට සහභාගි කරවන ලදි. එම තරගාවලිය 2022 මාර්තු මස 18, 19 හා 20 යන දිනයන්හි ත්‍රිකුණාමලය මැක්හේෂියර් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වු අතර, ඒ සදහා පාසල් ක්‍රිඩා කණ්ඩායම් සිවිල් ක්‍රීඩා සමාජ මෙන්ම යුධ හමුදා, නවික හමුදා, ගුවන් හමුදා හා පොලිස් කණ්ඩාම් තරගවැදුණු අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය නියෝජනය කරමින් 8 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රීලංඉ ඒකකය වෙතින් සහභාගි වු පහත සදහන් තරගකරුවන් තිදෙනාම ඉතා විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ජයග්‍රාහනය කරන ලදී. ඒ අනුව සෙ/246875 ඉසෙ විජේසිංහ ඩබ්ලිව්ඒඑස්පිඩබ්ලිව් යන සෙනියා කි.ග්රෑ. 90 බර පන්තියෙන් තරග කර දෙවන ස්ථානයද, සෙ/249372 ඉසෙ රණවීර ඊජිඅයිපී යන සෙනියා කි.ග්රෑ. 55 බර පන්තියෙන් තරග කර තෙවන ස්ථානයද, සෙ/248388 ඉසෙ බංඩාර එච්එම්එස් යන සෙනියා කි.ග්රෑ. 60 බර පන්තියෙන් තරග කර තෙවන ස්ථානය හිමි කර ගනිමින් විශිෂ්ඨ ජයග්රාහන ලබා ඉංජිනේරු බළකාය වෙත මහත් අභිමානයක් සහ කීර්තියක් අත්කර දෙන ලදී.