Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

02nd June 2022 09:36:42 Hours

11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රිලංඉ හි 14 වන ඒකක සංවත්සරය සැමරීම

11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රීලංඉ ඒකකයේ අභිමානවත් 14 වන සංවත්සරය 2022 මැයි මස 14,15 සහ 16 යන දිනයන්හි දී නොච්චියාගම පිහිටි ඒකක මුලස්ථාන පරිශ්‍රයේ දී ආගමික වතාවත් සහ චාරිත්‍රානුකුල ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරමින් උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. ඒකක 14 වන සංවත්සරයට අදාල සමස්ථ වැඩසටහන් මාලාව ඒකක අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් කේ කේ පී පුස්සේවල ආර්එස්පි ශ්‍රීලංඉ යන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම සහ අධීක්‍ෂණය මත සංවිධානය කර තිබුණි.

සංවත්සර වැඩසටහන් මාලාවේ පළමු දිනයේ මුලික වැඩසටහන වශයෙන් මැයි මස 14 වන දින ඒකකයේ අට වන අණදෙන නිළධාරි වශයෙන් ලුතිතන් කර්නල් කේ කේ පී පුස්සේවල ආර්එස්පි ශ්‍රීලංඉ ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත සම්මාන මුරයන් පිරිනැමීම, රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහාර පිරිනැමීම, කදවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරිම, භඨ පිරිස් ඇමතීම මෙන්ම සියළු නිළයින්ගේ සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රයක් ලබා දීම වැනි අංග ගනනාවක් සිදු කරන ලදි.

අනතුරුව සංවත්සර මාලාවේ දෙවන දින වශයෙන් 2022 මැයි මස 15 වන දිනට යෙදුණු වෙසක් පුර පසලොස්වක පොහොය දිනයට මුල් තැනක් ලබා දෙමින් ක්‍රියාන්විතයේ දී දිවිපිදු රණවිරුවන් සිහිකරමින් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බෝධිපුජා පිංකමක් ඒකක මුලස්ථාන පරිශ්‍රයේ පිහිටා ඇති පන්සල් භුමියේ දී සිදු කරන ලදී.

සංවත්සර උත්සවයේ අවසන් අංගය වශයෙන් 2022 මැයි මස 16 වන දින පෙරවරුවේ දී බුල්නෑව ප්‍රදේශයේ පිහිටා ඇති “සුපසහන් විශ්‍රාමික සැදෑ සෙවන“ වැඩිහිටි නිවාසය වෙත උදෑසන දානය ලබා දීමෙන් පසු සංවත්සරය වෙනුවෙන් සිදු කරන ලද වැඩසටහන් හි නිමාව සනිටුහන් කරන ලදි.